ජිවිතේ හොඳින් ගෙවනවා. මේ දිනවල පවතින තත්ත්වය එක්ක සමබරව කටයුතු කරගෙන යනවා. දැන්වීම් කීපයකටම දායක වුණා. ළගදී ඒවා රිලීස් වේවි.
• සඳනිට ආදරේ දැනෙන්නෙ කොහොමද?
ආදරේ ඉතින් සුන්දරම නැහැ. යථාර්ථය ඇතුළෙ එහෙමයි. ඒත් තේරුම් ගැනීමත් එක්ක ලස්සනට ගලාගෙන යනවා.
• ඇයි ඔහුට හිත ගියේ.
මුලින්ම නම් කටහඬට. ඒ කටහඬට ආකර්ශනය වීමක් විතරයි. පසුව ගතිගුණ එහෙම එක්ක අපි කතාබහ කරද්දී කටහඬට වඩා අමුත්තක් දුටුවා.
• දැන් ගෙවල්වල අය දන්නවා?
ඔව්. දෙපාර්ශ්වයම දන්නවා. ඒ ආශිර්වාද එක්ක දැනට ආදරෙන් ඉන්නවා.
• සඳනිගෙ වෘත්තිය රඟපෑම විතරද?
දැනට රඟපෑම විතරයි. ඉදිරියේදී වෙනස්කම් වේවි. මගේම ව්‍යාපාරයක් හෝ වෘත්තියක් කරාවි.
• සඳනිට – සඳනිව දැනෙන්නෙ කොහොමද?
අහිංසක නැහැ. ඒත් හරි සංවේදී අනික් අය ගැන හිතන වැඩිය කතාබහ නොකරන අවංක චරිතයක්.
• සඳනි මේ දිනවල වැඩිපුරම අහන ගීත මොනවද?
සමහර ඒවා ලංකාවේ ගීත නෙවෙයි. දවසේ එක සැරයක් හරි අහන ගීතය තමයි ඇයි මම ආදරේ සහ කෝද්රේ (ජර්මන් ගැහැණු ළමයකු වටා නිර්මාණය වූවක්) එය ගායනා කරන්නෙ පියත් රාජපක්ෂ. මම ලංකාවේ ආසම කරන ගායකයන්ගෙන් වැඩියම ආසා කරන ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ. ඒ ගීත දෙක දවසේ කොහොම හරි අහනවා.
• ‘ලොක් ඩවුන්’ වුණාම ගෙදරට වෙලා මොනවද කරන්නෙ?
ෆිල්ම් බලන්න, සිංදු අහන්න කැමතියි. අපිත් ආරක්ෂා වෙන අතරේ අනික් අයත් ආරක්ෂා වෙන විදියට මේ මොහොතේ සිටීම වැදගත්.
• ‘සඳනි’ හුදෙකලාව ඉන්න කැමති කෙනෙක් කියලයි ඔයාගෙ යාළුවෝ කියන්නේ?
ඕනෑම යාළුවකු එක්ක හරියට හඳුනා ගන්න කලින් මම නිශ්ශබ්ද චරිතයක්. හැබැයි ඉතින් හඳුනා ගත්තට පස්සේ මම එයාලට හොඳ යාළුවෙක්?
• ‘සඳිනිට’ ගයන්න බැරිද?
ටිකක් පුළුවන්. තව ඒ ගැන ඉගෙන ගන්න ඕනෑ.
• ගායක පෙම්වතා, ඔබට යුග ගී ගයන්න කතා කරන්නෙ නැද්ද?
එයත් දන්නවා, මගේ ගායන පරාසය ගැන. එයත් මට ගායනය ඉගෙන ගන්න උදව් කරනවා. හැදෑරීමකින් පසුව සුදුසු තත්ත්වයේ සිටී නම් එයා මට යුග ගී ගයන්න යෝජනා කරාවි.
• මෙතෙක් ඔබ ඇසු හොඳම යුග ගීය මොකක්ද?
එක පාරටම කල්පනාවට එන්නෙ නැහැ. ඒත් මෑතකදී නිර්මාණය වූ ගී අතරින් භාචි සුසාන් සහ අශාන්ති ගයන ‘හිත හිරි වැටුණාදෝ’ ගීතයට හරි ආසයි.
• කලාවට ඇති දක්ෂතාවය, රසිකත්වය වගේම ගෙදරදී සඳනි කටයුතු කරන විදිය ගැනත් කියමු?
ගෙදර තියෙන සෑම වැඩක්ම වගේ කරනවා. අම්මගෙ වැඩවලට උදව් කරනවා. අම්මාට උදව් කළ නිසා උයන්නත් පුළුවනි. මම හදන බටු මෝජුව කන්න කවුරුත් ආසයි. කාන්තාවක් හැටියට ගෙදර වැඩත් කරන්න එපායැ.
සඳුන් ගමගේ