ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්තයින් පිළිබඳව මේ වන විට ලොව ප්‍රධාන රටවල් රාශියක්ම අවධානය යොමි කරමින් සිටිනවා. ඔවුන් සහමුලින්ම විනාශ කර දමන්නැයි කියමින් ISIS ත්‍රස්තයින්ගෙන් බැටකන බොහෝ පිරිසක් විදී බැස උද්ඝෝෂණ කරන්නටද වුණා.
කොපමණ මර්ධනයන් සිදුකළත් මොවුන්ගේ ක්‍රියාකාරකම් වැඩිවනවා මිස එහි අවසානයක් තමවත් පෙනෙන තෙක් මානයක නැති බවයි වීදි බැස සහනයක් පතන පිරිස් පවසන්නේ. අන්තර්ජාතික සංවිධානවල පවා දැඩි දෝෂ දර්ශනයට පාත්‍ර වූ මොවුන් පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයකට තොරතුරු හෙළිකල තරුණියකගේ සෝචනීය පුවතක් පිළිබඳව මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.
චෙච්නියාවේ ජීවත් වූ ඇය හා ඇයගේ නැගණිය ඇතුළු තිදෙනෙකු ලිංගික වහලුන් ලෙස යොදවාගෙන ඔවුන්ට කෘර වදහිංසා පැමිණවීම සම්බන්ධයෙනුයි ඇය මෙලෙස තොරතුරු හෙළිකර ඇත්තේ. හෝටල් වලට ඔවුන්ව රැගෙන ගොස් ඉහළ මිළගණන් යටතේ ධනවත් පුද්ගලයන් වෙත භාර දී ඒ තුළින් මුදල් සොයාගැනීම මෙම ත්‍රස්තයින් වැඩිවශයෙන් සිදු කරනු ලබන බවට ඇය පවසා තිබෙනවා.
හෝටල් වලදී පමණක් නොව ඔවුන් ලිංගික වහලුන් ලෙස තබාගන්නා පිරිස්ද දිනපතා සිය අසරණකමින් ප්‍රයෝජන ගත් බවත් සිය නැගණිය පවා හිත් පිත් නැති ආකාරයෙන් ඔවුන් දූෂණය කළ බවටත් ඇය පවසා ඇත්තේ හැඬු කඳුලිනුයි.
යම් අවස්ථාවලදී තරුණියන් පොලිමේ සිටවා ඔවුන්ට මිල නියම කරන බවත් ඔවුන්හට විරුද්ධ වන මෙන්ම අකමැත්තෙන් යහන්ගතවන තරුණියන් හට උණුවතුර ශරීරයට හැලීමට පවා මොවුන් කටයුතු කරන බවයි පැවසෙන්නේ. විකෘති මානසිකත්වයෙන් යුතු ඇතැම් ඇය මෙම තරුණියක් මිළදීගෙන ඔවුන් සමඟ එකට වාසය කිරීමේදී දැඩි වද හිංසා වලට ලක්කර බවටත් ඇය පවසනවා.