පිටකොටුව, වේල්ලවීදිය, කොටුව, මරදාන යන ප්‍රදේශවල සිදු කළ විශේෂ මෙහෙයුමකදී වීදි ගණිකාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පිටකොටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමත්විය.
කොළඹ මධ්‍යම කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකාර වීදි ගණිකාවන් පිරිස කොටුකරගෙන තිබේ.
මෙම වීදි ගණිකාවන් අවුරුදු 30 ත් 50 ත් අතර වයසේ පසුවන ජා ඇල, වත්තල, ගම්පහ සහ දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලිසිය කියයි.
මෙම වීදි ගණිකාවන් කාලයක සිට පිටකොටුව, කොටුව යන ප්‍රදේශවල සැරිසරමින් ගණිකා වෘත්තියේ නියැලී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය.
මෙම වීදි ගණිකාවන් පොලිස් ජීප් රථයට නංවා ගැනීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව පොලිසිය පවසයි.
මෙම කතුන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා, යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගීතික බෝධිපක්ෂ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක ප්‍රසන්න ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
දිවයින