යාපනය කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ උසස් පෙළ හදාරන ශිවයෝගනාදන් විද්‍යා (17) නැමැති සිසුවිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකුගේ නිවසක තිබී සිසුවිය නිතර පළඳින බව කියන උපැස් යුවළ පොලිසිය විසින් සොයාගනු ලැබ තිබෙනවා.
රැඳවුම් නියෝග මත පොලිසිය සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව මෙය සොයා ගත්තා.
මේ අතර සැකකරුවන්ගේ නිවාස වලට දැඩි පොලිස් ආරක්ෂාව යෙදවීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත කයිට්ස් පොලිසිය පියවර ගෙන තිබෙනවා.
කුන්කුඩතිව් ප්‍රදේශයේ නිවාස හතරක් ප්‍රදේශවාසීන් විසින් මෙසේ ගිනි තබා තිබෙන අතර ඊට අදාළව එක් පැමිණිල්ලක් ඊයේ (19) වන විට කයිට්ස් පොලිසියට ලැබී තිබුණා.
ගිනි තැබීමෙන් නිවසට රුපියල් ලක්ෂ 04ක පමණ අලාභයක් සිදුව ඇති බවට සැකකරුවකුගේ ඥාතියකු පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා තිබෙනවා.