බොලිවුඩයේ කා අතරත් ජනප්‍රියත්වයට පත් බර්කා මාදන් නැමැති 38 හැවිරිදි නිළියක් මේ වන විට පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.
ලෞකික ජීවිතියෙන් මිදී ඇය මෙසේ පැවිදි දිවියට ඇතුලත් වීමට සිතාගෙන ඇත්තේ 2012 වසරේදී ටිබෙටයේ චිත්‍රපටයක් රූගත කිරීමට ගිය අවස්ථාවේ දලයි ලාමා තුමන් මුණ ගැසී බුදුදහම නැඹුරුවීමත් සමඟයි.
ඉන් අනතුරුව ඇයගේ දිවියේ සිදුවූ බොහෝ වෙනස් වීම් මෙන්ම දුක් කම් කටොලු වලට සහනයක් ලබාගැනීමට ඇය බෞද්ධ දර්ශනයට නැඹුරු වූ බවත් ඇය පවසා තිබෙනවා.
එමෙන්ම පසුගියදා නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය දහස් ගණනකගේ සොහොන් දැක ජීවිතය කළකිරී ඇය විසින් මෙසේ පැවිදි දිවියට ඇතුලත් වන්නට ඇති බවටත් යම් මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා.