රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතාට ඇප ලබාගැනීම සඳහා රත්නපුර පළාත් බද අධිකරණයේ ගොනු කැර ඇති නඩුව ඊයේ (27) කැඳවනු ලැබුවත් රත්නපුර පළාත්බද මහාධිකරණයේ විනිසුරුවරයකු නොමැතිකමින් නඩුව සැප්තැම්බර් 29 වැනි දිනට කල් තබා තිබෙනවා.
රත්නපුර පළාත්බද විනිසුරුවරයා වශයෙන් සේවය කළ මහාධිකරණ විනිශ්චයකාර අචල වෙංගප්පුලි මහතා නිවාඩු ලබා විදේශගත වීම නිසා රත්නපුර පළාත්බද මහාධිකරණයේ පුරප්පාඩු ඇතිවී තිබෙන බව සඳහන්.
රත්නපුර කහවත්ත නගරයේදී එක්සත් ජාතික පක්ෂ රැළියක් සරසමින් සිටි නාමිනිකන්ද පදිංචි බී.ජී. සුනිල් දොඩංගොඩ නමැති අය වෙඩ තබා ඝාතනය කරන ලදැයි හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණනිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන සිල්වා තිදෙනාට පොලිසිය විසින් නඩු පවරනු ලැබුවා.