ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැති තුමා සහභාගී වූ උත්සවයක් පැවැත්වෙන අවස්ථාවකදී තමන්ගේ ආරක්ෂක නිලධාරිකයෙකු යැයි කියන ලබන යුධ හමුදා කෝප්‍රල් වරයෙක් ඔහුගේ ගිණි අවියද සමඟ උත්සව භූමියට පැමිණ ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
කෙසේ නමුත් විශේෂ කාර්ය බලකාය විසින් එම පැමිණි තැනැත්තාව ඉන් ඉවත් කර ඇති බවත් මෙම සිද්දිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පති තුමාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
හිරු වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා
" එහෙම සිදු වීමක් අපේ දැනුම මත සිදු වුනේ නැහැ. අනිත් එක මම ඒ ගියපු ගමේ අයත් එක්කත් කතා කරලා බැලුවා එහෙම කිසිම කෙනෙක් ආයුධයක් එක්ක හම්බෙච්ච කතාවක්වත් නෑ, අනෙක අපේ අයට ආයුධ ඇත්තෙත් නෑ.ඒ ගැන සැකයක් තියෙනවා නම් පරීක්ෂණයක් කරන එක තමා හොඳ."