ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තහනම් කරමින් පොලීසිය ගෙන ආ නීතිය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
මෙම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණය නියෝග කළේ මෙම වාරණය මැයි මස 19 වැනිදා දක්වා යළිත් දීර්ඝ කිරීමටයි.
ෆුල්ෆේස් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
එහෙත් ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ අතර ඒ අනුව අභියාචනාධිකරණය අද දක්වා ෆුල්ෆේස් හෙල්මට් නීතිය වළක්වාලමින් වාරණ නියෝගයක් ලබාදුන්නා.