අත්අඩංගුවට ගන්න සුදානම්
පසුගිය අප්‍රේල් 7 වැනිදා දා ගෙළ කපා ඝාතනය කළ බණ්ඩාරගම පොලිසියේ උප පරික්ෂක ආර්.ඩබ්.පලිහවඩන මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ සහ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.
රුපියල් ලක්ෂ 10 ක කොන්ත්රාතුවක් මත ඔහුව මරා දමන්නට ඇතැයි පොලිසිය සැක පල කරනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුරේ කුකුළු මස් කඩයක හිමිකරුවෙක් සහ දෙහිවල පදිංචිකරුවෙක් අත් අඩංගුවට ගැනීමට නියමිතයි.
ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්. පලිහවඩන මහතා ඝාතනය කර තිබුණේ, නිවස තුළ නින්දේ සිටියදී.
අලුයම 4.30 ට පමණ පොලීසිය එම ස්ථානයට පැමිණියේ බිරිඳගේ දැනුම් දීමකට අනුවයි.