මහා පරිමාණ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පසුගිය රජයේ ඉහළම තනතුරු දැරූ හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හෝ වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ඇවන්ගාඩ් සමාගමේ ගණුදෙනු,එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දීම, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, දිවි නැඟුම අරමුදල් භාවිත කරමින් සිදු වූ දූෂණ වංචා,ආදායම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදීම සහ කළු සල්ලි යොදවා මෙරට ව්‍යාපාරයන්හි නියැළීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හෝ වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.
මේ පරීක්ෂණවල මූලික විමර්ශන කටයුතු දැනටමත් අවසන් කොට ඇති බව රජයේ පුවත්පතක් ද ඊයේ(20)වාර්තා කළා.