මුදල් වංචා කිරීමේ චෝදනා යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කළ අෂ්රොෆ් අලි නැමැත්තා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ රැකියා ලබා දෙන බවට සඳහන් කරමින් ඔහු මුදල් වංචා කර ඇති බව කොළඹ පොලිස් මූලස්‌ථාන විශේෂ විමර්ශන අංශය අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව ඔහු මෙම මස 30 දින දක්‌වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා ඊයේ (16 දා) නියෝග කළා.
සැකකරු ඉකුත් රජය පැවැති කාලයේ ද්‍රවිඩ මාධ්‍ය හා මහජන සම්බන්ධතා ඒකකයේ සේවය කරමින් සිටියදී මෙම වංචා සිදු කර ඇති බව පොලිස් මූලස්‌ථානයේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට වාර්තා කළා.
සැකකරු පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ නම යොදා ගනිමින් මෙම වංචා සිදු කර තිබෙනවා.