බ්‍රිතාන්‍ය මහා මැතිවරණය මැයි මාසයේ 7 වැනිදා පැවැත්වීමට තීරණය වීමත් සමග එරට සිටින ලාංකිකයන් අතරද දැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ, සිංහල හින්දු අලුත් අවුරුද්ද යොදා ගනිමින් ඡන්ද ප්‍රචාරණයේ යෙදීමට කොන්සර්වේටිව් සහ කම්කරු පක්ෂ නායකයන් ක්‍රියා කිරීමත් සමගයි.
කොන්සර්වේටිව් පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ගේ අලුත් අවුරුදු සුබ පැතුම ලාංකිකයින්ගේ ජංගම දුරකථනවලට ද ලැබී තිබුණා.
ඉන් අනතුරුව කම්කරු පක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් අවුරුදු සුබ පැතුමක් නිකුත් කළ අතර එය එරට සිටින සිංහල සහ මුස්ලිම් ලාංකිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
කම්කරු පක්ෂය දෙමළ ජනතාවගේ මිතුරෙකු වන බව පවසන ඔහු ශ්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් පූර්ණ හා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවෙන් බලපෑම් කරන බව අවුරුදු පණිවිඩයෙන් අවධාරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම මහතා ද මිලිබෑන්ඩ්ගේ ප්‍රකාශය දැඩිව හෙළා දකිමින් මෙය දේශපාලන උප්පරවැට්ටියක් බව සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කළා.