වීරගුල ප්‍රදේශයේ අලුත් අවුරුදු එල්ලේ තරගයක් පැවැත්වෙන අවස්ථාවක දී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වීමෙන් දස දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ගොසිප් වෙත සඳහන් කළේ සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බවයි.
සැකකරුවන් බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙහි දී එල්ල කර ඇත්තේ රබර් සඳහා යොදා ගන්නා ඇසිඩ් වර්ගයක්.