විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් වන තීරණය අලුත් අවුරුද්දට පසුව තමන් විසින් ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවක දී සඳහන් කර තිබෙනවා.
විපක්ෂ නායකවරයා පිළිබඳව ඇතිවූ ගැටලුව සඳහා විසදුමක් ලබා දෙන ලෙස කථානායකවරයා විසින් සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත පසුගිය දා දැනුම් දෙනු ලැබුවා.
කෙසේ නමුත් 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාලීමට රජය මේ වන විට තීරණය තිබෙනවා.
එසේ වුවහොත් ලේකම්වරයා විසින් නම් කරන විපක්ෂ නායකවරයා කවුරුන්වුවත් තම තනතුරේ කටයුතු කිරීමට සිදුවන්නේ දින කිහිපයක් පමණයි.