එහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු වගන්ති එම සංශෝධනයෙන් ඉවත් කොට තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතු වගන්තිවලට පමණක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සීමා කරන බවයි.
මේ අතර මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ අද පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදියි.