Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
04
"යනවද නැද්ද මෙතනින් කියලා ගාමිණි ෆොන්සේකා බෙරිහන් දීලා ගේ උඩයන්න කෑ ගැහුව්වා..." - මාලනී ෆොන්සේකා - Photos

- "යනවද නැද්ද මෙතනින් කියලා ගාමිණි ෆොන්සේකා බෙරිහන් දීලා ගේ උඩයන්න කෑ ගැහුව්වා..." - මාලනී ෆොන්සේකා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

"අපි දෙන්නා කාලයක් තරහා වෙලත් හිටියා.."
"සමහර වෙලාවට එයා පොඩි ළමයෙක් වගේ.."
"මම ටිකක් බයෙන් හිටියේ ගාමිණී අයියට.."
 
එයාව ළඟින් ඇසුරු කරන්න ගත්තට පස්සේ තමයි දැනුනේ ඔහු හරිම අහිංසකයි කියලා. පොඩි දරුවෙක් වගෙයි මට දැනුනේ. ඔහු හරිම සංවේදී පුද්ගලයෙක්. මට හුඟාක් ගුරුහරුකම් ඔහුගෙන් ලැබුණා.
 
මේ තනි පුද්ගලයා තුළ දක්ෂතා රාශියක් කැටිවෙලා තිබුණා. ඔහු චිත්‍රපට කාර්මික ශිල්පියෙක්, නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, භාෂා ප්‍රවීණයෙක්. කොටින්ම ඔහු බහුශ්‍රැතයෙක්.


මාවත්, ගාමිණි අයියවත් අරගෙන ඔපමට්ටම් කරලා, දිදුලන මැණික් කැටදෙකක් බවට පත් කළේ ආචාර්ය පීරිස්.
 
හේ මෙරට සිනමා අඹරේ පායා නැගී ආ සූර්යය මඬල මෙන් විය. සූර්යයා සියලු ජීවීනට ශක්තිය වන්නේ යම් සේද ඔහු මෙරට සිනමා තාරකාවන්ට මඟ කියූ ශක්ති කදම්භය විය. මෙරට සිංහල සිනමාව ජනකාන්ත සිනමාවක් බවට ඔසවා තැබීමට ඔහුගේ රංගන පෞරුෂය මහෝපකාරී විය. මේ අද්විතීය අසාහාය සිනමා තාරකාව ජනකාන්ත සිනමාව මෙන්ම කලාත්මක සිනමාව අතැඹුලක් සේ ගෙන අක්මුල් විහිද වූයේ එකිනෙකට පරයන රංග ප්‍රතිභාව තුළිනි.

හුදු රංගනයට පමණක් සීමා නොවී චිත්‍රපට අධ්‍යක්ෂණයට හා තිරකතා රචනයට පිවිසි මේ සිහින සිත්තරා අනෙකෙකු නොව සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකාය. සිනමා සක්විති නමින් අභිෂේක ලැබූ මේ විශිෂ්ට රංගධරයා පිළිබඳව සිනමා රාජිනිය මාලනී ෆොන්සේකා මෙලෙස හඬ අවදි කළාය.
 
ඉන්දියානු සිනමා ආධිපත්‍යයට යටව එහි අවජාතක දරුවකු බවට මෙරට සිනමා පත්ව තිබූ යුගයක සිනමා රංගනය සිංහල සිනමාවට උචිත ආකාරයට ගොඩනැංවීමෙහිලා පුරෝගාමී මෙහෙයක් ඉටු කළ කෙනෙක් විදියට අවිවාදයෙන් යුතුව ගාමිණී අයියව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කාලේ බොහෝ නළුවන් දකුණු ඉන්දියානු රංගන ශිල්පීන් අනුකරණය කරමින් රඟපාපු කාලයක්.

ගාමිණී අයියාත් මාත් රඟපාපු බොහෝ වාණිජ ධාරාවේ චිත්‍රපට දෙමළ අනුකාරක චිත්‍රපටයි. නමුත් එයා කිසි විදියකින් ඒ මුල් චිත්‍රපටවල රඟපෑ දමිළ නළුවන් අනුකරණය කරන්න ගියේ නැහැ. ඒ සඳහා අනගි සහයක් ලෙනින් මොරායස් වගේ අධ්‍යක්ෂකවරුන්ගෙන් අපට ලැබුණා. එම චිත්‍රපටවල දමිළ නළුව අබිබවායමින් තමන්ට ආවේණික ශෛලියකින් ඔහු තමන්ගේ රංගන හැකියාව රටට පෙන්නුවා.
 
ඒ රංගනය ජනතාව වැලඳ ගත්තා. ගාමිණී අයියා අනුකරණය කරන ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි, නළුවන් පවා බිහිවුණා. කමල්, ශ්‍රියන්ත එහෙම ආපු දෙන්නෙක්. පිරිමි පෞරුෂත්වය වෙනුවට ලද බොළඳ ස්ත්‍රී සුකුමාරත්වයන් යුතුව රඟපාපු ඉන්දීය නළුවන්ට අභියෝගයක් වෙමින් ප්‍රතාපවත්, පෞර්ෂයකින් යුතු රංගන ශෛලියක් ගොඩනැගූ නළුවා ගාමිණී අයිය. ඒකට ගොඩක්ම බලපෑවේ එයා සිනමාවට ආපු විදිය වෙන්න ඕන. මොකද එයාට මුලින්ම ඕන වෙලා තිබුණෙ හොඳ කැමරා ශිල්පියකු වෙන්නයි. ඒ සඳහා කැපවී සිටින කාලයේ ඔහුට ඩේවිඩ් ලීන්ගේ "ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" (Bridge on the River Kwai) සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (1956) යන චිත්‍රපටවල කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා.
 
ඔහු රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ රේඛාව චිත්‍රපටයේ සමුහ දර්ශනයකට සහභාගි වෙමින්. ඊට සමකාලීනව ශ්‍රී ලංකාවේ දී රූගත කරපු ඉංග්‍රීසි රූපවාහිනී වැඩසටහනකටත් ගාමිණී අයියා ඉඳල තිබුණා. විදේශීය අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කළ නිසා ඔවුන්ගේ ආභාසය ඔහුට ලැබුණා. මේ නිසා ඔහුට ඉන්දියානු සිනමා රංගනයේ සිරකාරයෙක් නොවී ස්වාධීනව ඔහුටම අනන්‍ය වූ රංගන ක්‍රමවේදයක් ගොඩනගා ගන්න හැකියාව ලැබුණා කියල විශ්වාස කරන්න පුළුවන්.
 
1969 දී තිරගත වුණු ‘පාරා වළලු’ කියන චිත්‍රපටයේ දි තමයි මම ගාමිණි අයියා එක්ක මුලින්ම රඟපෑවේ. ඒ ඉතාම සුළු චරිතයකට. ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවේ අනුලා කරුණාතිලක. ඩේසි අක්කත් (රුක්මණී දේවී) ඒකේ රඟපෑවා. එයාගෙ ගෙදර මෙහෙකාර කෙල්ලකගෙ චරිතයකටයි මම හිටියේ. ඇය මිය යෑමත් සමඟ මුහුණ දෙන ගැටලුව තමයි එහි කතා තේමාව වුණේ. ගාමිණි ෆොන්සේකා කියන්නෙ මොනවිදියෙ ප්‍රතිරූපයක්ද මොනවිදියෙ කෙනෙක්ද කියලා මම අඳුන ගත්තේ මේ චිත්‍රපටයෙදි. ඔහු එතරම් විශාල ශරීරයක් තිබුණු උසමහත කෙනෙක් නෙමෙයි. නමුත් ඒ වගේ පෙනුම තියෙන අයට වඩා විශාල පෞර්ෂයක් ඔහු තුළ තිබුණා. අද සමහර නවක නළුවන් ජීම් ගිහින් විශාල මස්පිඩු ප්‍රදර්ශනය කළත් ඔවුන් සතුව ඒ සිනමා පෞර්ෂය නැහැ. ඒක නිකම්ම හැදෙන්නේ නැහැ. ඒකට ලොකු කැපකිරීමක් අධ්‍යයනයක් අවශ්‍ය වෙනවා. මේ තනි පුද්ගලයා තුළ දක්ෂතා රාශියක් කැටිවෙලා තිබුණා. ඔහු චිත්‍රපට කාර්මික ශිල්පියෙක්, නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, භාෂා ප්‍රවීණයෙක්, කොටින්ම ඔහු බහුශ්‍රැතයෙක් කියල කියන්න පුළුවන්. ඒ තරම් දැනුමක් ඔහු සතුව තිබුණා. ඒකයි ඔහු අපි හැමෝටම ජීවිතය පිළිබඳ හැමදෙයක්ම කියාදෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණේ. අවසානයේ ඔහු පාර්ලිමේන්තුව දක්වා පැමිණුනා. ඒ කාලේ පාර්ලිමේන්තුවේ සිටිය අය පවා ඔහුට ඊර්ෂ්‍යා කළා. ඒ තරම් ඔහුගේ පෞරුෂය කැපී පෙනුණා. ඒ වගේමයි ඔහුගෙ හඬත් ගාම්භීරයි. සිනමා රංගන ශිල්පියකුට ලැබිය යුතු නිසි ගෞරවය ලබාදෙන්න පුරෝගාමි මෙහෙවරක් ඉටු කළේ ගාමිණී අයියා.
 
මුලින් එයාව දකිද්දි මම හරි බයයි. පස්සෙ ටික ටික දැකල දැකල හුරුවෙනකොට ඒ ගතිය මඟ ඇරුණා. එයාව ළඟින් ඇසුරු කරන්න ගත්තට පස්සේ හරිම අහිංසකයි. පොඩි දරුවෙක් වගෙයි මට දැනුණේ. ඔහු හරිම සංවේදී පුද්ගලයෙක්. මට හුඟාක් ගුරුහරුකම් ඔහුගෙන් ලැබුණා. ඔහු මං කරපු දේවල් අගේ කරල තියෙනවා. අඩුපාඩු කියල දීල තියෙනවා. ඒවගේම හොඳටම බැණලත් තියෙනවා. කාලයක් අපි තරහාවෙලත් හිටියා.
 
ගාමිණී ෆොන්සේකා කියන්නේ ලංකාවේ සිනමාව වෙනම පැත්තකට හරවපු රංගන ශිල්පියෙක්. ඒ වගේ රංගන ශිල්පියෙක් එක්ක ආචාර්ය පීරිස්ගෙ චිත්‍රපටයක රඟපාන්න ලැබෙනව කියන්නෙ පුදුම වාසනාවක්. ඒ වගේම අපි දෙන්නට ප්‍රධාන චරිත රඟපාන්න අවස්ථාව උදාවෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “නිධානය” චිත්‍රපටය දී වීමත් විශේෂයි. මොකද මාවත් ගාමිණි අයියවත් චරිතාංග නළු-නිළියන් බවට ඔසවා තැබුවෙ මේ චිත්‍රපටයයි. මොකද අපි දෙන්නම ''නිධානය''ට තෝර ගනිද්දි රඟපාල තිබුණෙ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවල පමණයි. ඒ වෙද්දිත් අපි දෙන්නා ලෙනින් මොරායස් එක්කයි, සෙල්වරත්නම් එක්කයි සෙල්ලක්කාර චරිත නිරූපණය කරන සරල සිංහල චිත්‍රපට දෙකක වැඩ කරමිනුයි හිටියේ. උදේ වරුවේ ඒ චිත්‍රපටවල වැඩ කරල හවස එනවා ‘නිධානයේ’ රූගත කිරීම්වලට. ඒ ආවම ආචාර්ය පීරිස් අපිව වෙනම ලෝකයකට ගෙනියනවා. ඊට පස්සෙ ඉන්නෙ බොහෝම නිවිච්ච තැන්පත් සංවර වෙනමම චරිත දෙකක්. මාවත්, ගාමිණි අයියවත් අරගෙන ඔපමට්ටම් කරලා, දිදුලන මැණික් කැටදෙකක් බවට පත් කළේ ආචාර්ය පීරිස්.
 
මට තාම මතකයි, මම ටිකක් බයෙන් හිටියේ ගාමිණී අයියට. ඒකේ තිබුණු අයිරින්ගේ චරිතයත් ඒ විදියෙ බයාදු අහිංසක ස්ත්‍රියකගේ චරිතයක්. විලී අබේනායක කියන්නේ හරිම දැඩි පෞර­ුෂයකින් යුතු පිරිමියෙක්. 'නිධානය' සඳහා තෝරගත්ත ඒ මහ වලව්වේ ගාමිණි අයියා කොරිඩෝවෙ තියෙන හාන්සි පුටුව වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා. උඩ රැවුල කරකවල හරි භයානක පෙනුමක් එයාට තිබුණේ. එහෙම පයිප්පයක් උර උර ඉන්න කොට, විලී අබේනායකට අයරින්ගෙ තියෙන බය පක්ෂපාතී බව, අහිංසකකම, යටහත් පහත් බව ඉබේටම ඇඟට එනවා.
 
විලී අබේනායක මාව (අයිරින්ව) කැන්ඳගෙන ආවට පස්සේ මහා ප්‍රශ්න ගොඩක ඉන්නවා වගේ දැනෙන්න ගන්නවා. ඒත් ඇයි ඔහු එහෙම ඉන්නේ කියල අයිරින්ට ලොකු වැටහීමක් නැහැ. ඇය ඉන්නේ මහත් ස්වාමි භක්තියකින්. සමහර දවස්වලට නිදාගෙන නැගිටල බලද්දි, විලී අබේනායක ඇඳේ නැහැ. ඉතිං ඇය ඔහු හොයාගෙන යනව. ඒ එනකොට එයා සාලේ මැද්දට වෙලා බර කල්පනාවක ඉන්න බව පේනවා. ඉතින් මම ඉටිපන්දමක් පත්තු කරන් ළඟට ඇවිත් අහනවා "ඇයි නිදාගන්නෙ නැද්ද?" කියලා. ඔහු මුකුත් කියන්නෙ නැහැ. ඊට පස්සෙ මම කියනවා, "මොනවහරි ප්‍රශ්නයක් තියෙනව නම් මටත් කියන්න". "මොකක්ද තියෙන ප්‍රශ්නෙ" කියල මම එතනදි පණ්ඩිතකමට අහනවා. ඒ වෙලාවෙ ගාමිණි අයියට තියෙන්නේ"යන්න මට කරදර නොකර", "ඔයා ගිහින් නිදා ගන්න" වගේ දෙබසක්.

ඉතිං දෙතුන් ගමනක් රියසල් කළා. ඊට පස්සේ "හරි මාලනි ඔක්කොම රෙඩි අපි දැන් ෂූට් කරනව. ඔයා අර දොරෙන් ඇතුළු වෙලා එන්න කියලා ආචාර්ය පීරිස් කිවිවා. ඇක්ෂන්, කිව්වම මමත් ඉතිං රියසල් කරපු විදියට ඇවිල්ලා ගාමිණි අයියා ගාව හිටගත්තා. අර විදියටම ප්‍රශ්නය ඇහුව්වා. ආයිත් ඇහුව්වා "ඇයි මට කියන්න බැරි", "ඇයි ඉතිං මට කියන්න බැරිදෙයක් තියනවද" කියලා කිව්වා විතරයි, "යනවද නැද්ද මෙතනින්" කියලා බෙරිහන් දීලා ගේ උඩයන්න කෑ ගැහුව්වා. මං බයවෙලා ගැස්සිලා හිටියා. ඉටිපන්දම් කිරිත් අතේ වැටුණා, මට අද වගේ මතකයි. මං කල්පනා කරා මොකක් හරි වැරදි දෙයක් මගේ අතින් කියවුණා වත්ද කියලා. මොකද එහෙම රියසල් එකක් කරලා තිබුණෙ නැහැනෙ.

මං අප්සට් ගිය තරමට මං මිස්ට පීරිස් දිහාවත් වෙනකා දිහාවත් නොබලම ප්‍රේම් එකෙන් හීන්සීරුවට අයින් වුණා. ඊට පස්සෙ ගාමිණි අයියා ආයි වාඩි වුණා. මිස්ට පීරිස් කට් කිව්වා. මුළු සෙට් එකම හිනාවෙන්න ගත්තා. මම ඇර අනිත් ඔක්කොම අය මේක ප්ලෑන් කරලා කරපු වැඩක්. මට අදත් ඒ අවස්ථාව දකින කොට ඒ සිදුවීම් මතක් වෙනවා. අපේ ඉරියව් බොහෝම ස්වාභාවික විදියට ඉස්මතු කර ගන්න මිස්ටර් පීරිස් ඒ වගේ විවිධ උපක්‍රම භාවිතා කළා. ගාමිණී අයියා මගේ චරිතය සාර්ථක කරගන්න ලොකු සහයක් දුන්නා. නිධානය ඇරුනම ගාමිණී අයියා රඟපාපු අනෙක් විශිෂ්ටතම චිත්‍රපටය ‘වැලිකතර’. එක අධ්‍යක්ෂණය කළේ ඩී බී නිහාල්සිංහ, තිරපිටපත තිස්ස අබේසේකරගේ.
 
මම ගාමිණී අයියත් එක්ක පාරා වළලු, නිධානය, සහනය, එදත් සූරයා අදත් සූරයා, ආදරේ හිතෙනවා දැක්කම, හොඳට හොඳයි, සදහටම ඔබ මගේ, හොඳම වෙලාව, හොඳයි නරකයි, කස්තුරි සුවඳ, ආවා සොයා ආදරේ, කවුද රජා, නයනා, දෙවියනි ඔබ කොහෙද, අපායේ තත්පර අසූ හාරදාහක්, 1998 අන්තිම රැය ආදී චිත්‍රපට රැසක රඟපෑවා. මේ නිසා ගාමිණී මාලනි යුගයක් පවා නිර්මාණය වුණා.
 
1983 දී සිංහල අන්තවාදීන් පිරිසක් විසින් ඇති කළ "කළු ජූලිය" අවස්ථාවේ කඩුගන්නාවේ තිබුණ ඔහුගේ ගෙදරට ජීවිතේ ඉල්ලගෙන ආපු අසරණ දෙමළ ජාතිකයන් රැසක් බේර ගන්න ඔහු කටයුතු කළා. සිංහල අන්තවාදීන් පලවා හැරීමට ඔහු අහසට වෙඩි තබා තිබුණා. ඔහු ඒවගේ උතුම් මනුස්සයෙක්. මං හිතන්නේ සරුංගලය චිත්‍රපටයේ නඩරාජා චරිතය නිරූපණය කරන්න ඔහුට මේ අත්දැකීම හුඟක් ඉවහල් වෙන්න ඇති.
 
සිළුමිණ

Image result for gamini fonseka malani fonsekaImage result for gamini fonseka malani fonsekaImage result for gamini fonseka malani fonsekaImage result for gamini fonseka malani fonsekaImage result for gamini fonseka malani fonseka
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top