දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම සඳහා උපදෙස් ලබා ගැනීම වෙනුවෙන් පසුගිය රජය එක් කිලෝමීටරයකට රුපියල් මිලියන 124 ක් ලබා දී ඇති බව ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (2දා) සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී.
දක්‍ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට බෙලිඅත්ත හරහා හම්බන්තොට දක්‌වා ඉදිකිරීම සඳහා මෙම උපදේශන සේවාව පෞද්ගලික ආයතනයක් මගින් ලබාගෙන තිබෙනවා.
එහි තොරතුරු ඇතුළත් ලිපිගොනු අගමැතිවරයාගේ උපදෙස් මත පිහිටුවා ඇති විමර්ශන කමිටුවට භාර දෙන බවත් එහිදී ලැබෙන විමර්ශන ප්‍රතිඵල මත නීතිමය කටයුතු සඳහා යොමු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.