අද සිට ක්‍රියාත්මක කළ ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමේ නීතිය අප්‍රේල් 28 වන දින දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ගණකාධිකාරීවරයෙක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය මෙම තහනම පනවනු ලැබුවා.
මෙම තහනම ගෙන ඒමට හේතු වූයේ පසුගිය වසරේ පමණක් මෙම හෙල්මට් භාවිත කොට සිදු කළ අපරාධ 127ක් වාර්තාවීම නිසා බව පොලිසිය පසුගිය දා සඳහන් කළා.
එම අපරාධ තුළ මනුෂ්‍ය ඝාතන 9ක්, බරපතළ තුවාල සිදුකිරීම් සහ ඒ සඳහා පෙලඹවීම් 04ක්, කොල්ලකෑම් 122ක් වාර්තා වී ඇති බව පොලිසිය පෙන්වා දෙනවා. මෙම නීතිය අලුතින් ගෙනා නීතියක් නොවන අතර 1981 අංක 21 දරන මෝටර් වාහන පනත මගින් සම්මත කර ඇති නීතියක්.