දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාට දඩ කොළයක් ලබා දුන් පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට අල්ලස් කොමිසම විසින් ගොණු කර තිබූ අල්ලස් නඩුවෙන් ඔහුට නිදහස හිමි වුණා.
ඔහු සමග තවත් උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව නීති විරෝධිව මත්පැන් ළඟ තබා ගත් කාන්තාවකගෙන් අල්ලස් ලෙස රුපියල් 10000ක් ලබා ගත් බවට චෝදනා එල්ල කර තිබුණා.
අදාළ සිදුවීම වාර්තාවී වසර පහකට පසුව මෙම නඩුව පවරා තිබූ අතර ඒවනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී එවක සිටි නියෝජ්‍ය අමාත්‍යවරයකුට දඩ කොළයක් ලබාදීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් සුමින්ද සමන් කතාබහට ලක්ව සිටියා.කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා මෙය ද්වේශ සහගත නඩු පැවරීමක් ලෙස සඳහන් කරමින් විත්තිකරුවන් නිදහස් කළා.