ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි ඇතුළු විවිධ ද්‍රව්‍යය බෙදා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකාර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසකට එම පෙත්සම පිළිබඳ නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියෝග කළා.
පැෆරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.මැතිවරණ නීතියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතටද පටහැනි ව කටයුතු කරමින් මෙම ද්‍රව්‍යය බෙදා හැරීම් සිදු කළ බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා අධිකරණයට පෙන්වා දුන්නා.
මැතිවරණ කොමසාරිස්වරයා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, පොලිස්පතිවරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, විගණකාධිපතිවරයා, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.