ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නි නුවරදී හෙට (18) පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී තවත් සටනක් ක්‍රියාත්මක වන බව ක්‍රීඩා වෙබ් අඩවි පෙන්වා දෙනවා.
ඒ, ICC එක්දින පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය සඳහා කුමාර් සංගක්කාර සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ. බී ඩිවිලියස් අතර පවතින තරඟයයි.
ඩිවිලියස් දැනට වර්ගීකරණ ලකුණු සංඛ්‍යාව 899ක් ලබා සිටින අතර, සංගක්කාර ලකුණු 861ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා. ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරඟවලදී ඩිවිලියස් ලකුණු 417ක් ලබා සිටින අතර සංගක්කාර වාර්තාගත ශතක 4ක් සමඟ ලකුණු 496ක් ලබා සිටිනවා.
හෙට තරඟයේ දක්වන දස්කම් අනුව අයි.සී.සී. එක්දින පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමි වන ක්‍රීඩකයා තීරණය වනු ඇති. එම දර්ශකයේ තුන්වන ස්ථානය හෂීම් අම්ලාටත් 4 වන ස්ථානය විරාට් කෝලිටත් හිමිව ඇති අතර, 5 වන ස්ථානය හිමිව ඇත්තේ තිලකරත්න ඩිල්ශාන්ටයි.