Games of thrones ටෙලි කතා මාලාව ලෝකයේ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂනයක් දිනාගත්තා.
එහි එක් පෙරළිකාර චරිතයක් වුණේ ආර්යා ස්ටාර්ක්.
මේ චරිතයට රංගන දායකත්වය ලබා දුන්නේ Maisie Williams ඇය රංගනයට වගේම තාක්ෂණික අංශයෙනුත් දක්ෂතා දක්වා තිබෙනවා.
තවමත් 22 හැවිරිදි වියේ පසුවන Maisie Williams පසුගිය දා TechCrunch Disrupt සමුළුවට සහභාගී වී තිබුණා.
එම සමුළුවේදී ඇය Daisie කියන ඇගේ නව නිර්මාණය ගැන ඇය හඳුන්වා දුන්නා.
මේ වෙනුවෙන් ඇය සමඟ රංගනය, චිත්‍රපට, සංගීතය, විලාසිතාකරණය වැනි වූ ක්ෂේත්‍ර බොහෝ ප්‍රමාණයකට සම්බන්ධ 100 000ක පමණ පිරිසක් සම්බන්ධ වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක පමණ ආයෝජය ඇයට ලැබී තිබෙනවා.