රේස් බයි රේස් සූදු ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වෙමින් පවතිනවා. එදිනෙදා රැකියාවක් කර උපයන ආදායම සිය පවුලේ නඩත්තුවට වියදම් නොකරමින් මෙම රේස් බයි රේස් සූදුවට යොදවන පිරිස කෙරේ සමාජය දක්වන්නේ දැඩි අප්‍රසාදයක්.
මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලටද මෙම රේස් බයි රේස් සූදූ ව්‍යාපාරය පිළිලයක් වී තිබෙන්න පැවැත්වෙන තරඟවල ක්‍රීඩකයින්ට පවා ඔට්ට දමමින් ජනතාවගේ මුදල් විනාශ කරන ක්‍රීයාවක් බවට පත්වී ඇති නිසාවෙනුයි.
මීට අමතරව බල්ලන් සඳහාද නීතිවිරෝධී ඔට්ටු අල්ලමින් පවත්වාගෙන යන මෙම සූදු ව්‍යාපාරය සම්බන්ධයෙන් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාද අදහස් දැක්වූවා. ඔහු එහිදී සඳහන් කලේ බලපත්‍රයේ නොමැති සූදු සඳහා ඔට්ටු ඇල්ලීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බවයි.
එමෙන්ම පවුල් සංස්ථාවේ ජීවන තත්වය පවා දැඩි ලෙස පහත හෙලන මෙම සූදූ ව්‍යාපාරය සම්බන්ධයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනී සමන්මලී ගුණසිංහ මහත්මිය මේ වන විට අදහස් දක්වා තිබෙනවා.
ඇය පවසන්න රේස් බයි රේස් සූදුවට හුරුවී ඇත්තේ රැකියාවෙන් දෛනික වැටුප් ලබාගෙන පවුල නඩත්තු කරන පිරිස් බවයි. ඔවුන්ගේ දුවාදරුවන් වෙනුවෙන් වියදම් කරන්නට උපයන මුදල් මෙලෙස විනාශ කරන දමන මෙම රේස් බයි රේස් සූදු ව්‍යාපාරය නවතා දැමීමට සියළු දෙනාම එක්විය යුතු බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
ඇය දැක්වූ අදහස්..
අපි වගකීමෙන් කියනවා පවතින ආණ්ඩුවට මේ රේස් බයි රේස් තහනම් කල යුතුයි, මොකද මේකේ වගකිවයුත්තෝ කවුද ? අපේ රටේ මහජන නියෝජිතවරු, අපේ රටේ වගකිවයුතු මහජන මන්ත්‍රීවරු, ඒ නිසා මේ කැතවැඩ කරන්න එපා, මිනිස්සුන්ගේ රුපියල් 10, 20 අරගෙන මේ කරන පහත්වැඩේ වහාම නවත්වන්න.
එමෙන්ම රේස් බයි රේස් සූදු ව්‍යාපාරය පිළිබදව සමාජය තුළ ද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. වර්තමාන සමාජයේ ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති රේස් බයි රේස් සූදු ව්‍යාපාරය වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනතාව පෙන්වා දෙනවා.
මේ අතර, පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රේස් බයි රේස් ඔට්ටු තැබීමේ මධ්‍යස්ථානවලට ජනතා විරෝධය එල්ල වුණා.
ඒ අනුව ප්‍රදේශ කිහිපයක රේස් බයි රේස් ඔට්ටු තැබීමේ සූදු මධ්‍යස්ථාන ඉවත් කිරීමට ද කටයුතු කෙරුණා. එහිදී මහා සංඝ රත්නය මෙන්ම සර්ව ආගමික පූජකතුමන්ලා ද ජනතාව සමග එම විරෝධතාවලට මුල් තැන ගැනීම විශේෂත්වයක්.