අම්බලන්ගොඩ - මීටියාගොඩ ප්‍රදේශයේදී ව්‍යාපාරික යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා බලපිටිය අධිකරණයට භාර දීමට කටයුතු කළ බවයි.
පසුගිය මාර්තු මස පළමුවැනිදා මීටියාගොඩ - කුලීගොඩ පාරේ කුරුඳුතෙල් මඩුවකදී වෙඩි තබා අදාළ ව්‍යාපාරික යුවලගේ ඝාතනය සිදුකර තිබුණා.
මේ අතර, ඝාතනයට ලක්වූ ව්‍යාපාරික යුවලගේ පුතුට සිදුකළ තර්ජනයක් සහ පහරදීමක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ල විමර්ශනය නොකිරීමේ චෝදනාව මත එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක චන්දන ගමගේගේ වැඩ තහනම් කිරීමට ද මීට පෙර තීරණය කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ සිද්ධියේ තොරතුරු අධිකරණයට නිවැරදි ලෙස වාර්තා නොකිරීමද ඔහුට එල්ල වී ඇති තවත් චෝදනාවක් වන බවයි.
මීට අමතරව ව්‍යාපාරික යුවල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේද වැඩතහනම් කෙරුණා.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අධිකරණයට භාර වූ සැකකරුවන් දෙදෙනා ව්‍යාපාරික යුවළ සමඟ කලක් සමීප ලෙස ඇසුරු කර ඇති අතර ඔවුන් මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් වන බවයි.
මීට පෙර පුවත මෙතනින්