Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
04
පළමු සම්මුඛ සාකච්ඡාව හිරු ටී.වී වෙත ලබාදුන්නේ ඇයි ? අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පහදයි. - වීඩියෝ සහිතයි

- පළමු සම්මුඛ සාකච්ඡාව හිරු ටී.වී වෙත ලබාදුන්නේ ඇයි ? අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පහදයි. - වීඩියෝ සහිතයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

සිරස නගන චෝදනා ගැන පරීක්ෂණයක් කරන්නැයි කතානායකවරයාගෙනුත් ඉල්ලයි.

තමන් අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු හිරු ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් එක් ජනමාධ්‍ය ආයතනයක් දක්වා ඇති මතවාදයන් සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කළා.

ජනාධිපතිවරණ සමයේ ද රූපවාහිනි නාලිකා 3 ක් තමන්ගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා තිබූ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉල්ලීම් කළ අනුපිළිවෙලින් ඒවා ලබාදුන් බව ද කියා සිටියා. ඒ අනුව, අග්‍රාමාත්‍ය පදවියට පත්වීමෙන් පසු මුල්ම සම්මුඛ සාකච්ඡාව හිරු ටී.වී වෙත ලබාදුන් අතර, ඉල්ලීම් කළ අනුපිළිවෙල මත අනෙක් නාලිකා වෙත ද එවැනි සාකච්ඡා ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට කියා සිටියා.



දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහිව පැන නැගී ඇති චෝදනා ඉදිරියේ ඔහු ආරක්ෂා කිරීමට තමන් ක්‍රියා කරන බව, පසුගියදා සිරස ටී.වී ඔස්සේ විකාශය වූ වැඩසටහනකට සම්බන්ධ වී සිටි එම ආයතනයේ ප්‍රශ්න විචාරකයෙකු කෙලින්ම කියා සිටි බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. හිරු ආයතනය සමග තමන් ඞීල් දමා ඇති බව ද එම ප්‍රශ්න විචාරකයා කියා සිටි බව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන්. පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද සිරස නාලිකාවේ වාර්තාකාරිනියක් මේ මතවාදයම මතුකරමින් අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්නයක් විමසූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

රූපවාහිනි නාලිකා සම්මුඛ සාකච්ඡා ඉල්ලා ඇති අනුපිළිවෙලට ඒවා ලබාදීමට තමන් ක්‍රියාකර තිබියදී හිරු ටී.වී වෙත සම්මුඛ සාකච්ඡාව ලබාදීම ඞීල් එකක ප්‍රතිඵලයක් ලෙස පෙන්වාදීම සාධාරණ නැහැ.  විද්‍යුත් මාධ්‍ය අතර තරඟකාරිත්වයක් පවතින නිසා එක් නාලිකාවකට වඩා ඉදිරියෙන් සිටීමට අනෙක් නාලිකා උත්සාහ දරනවා. එවැනි උත්සාහයකට රටේ අගමැතිවරයා ඈදා ගැනීමත්, අගමැතිවරයා වෙත අසාධාරණ හා පදනම් විරහිත චෝදනා නැගීමත් පිළිගන්නට බැහැ. නීතිය ඉදිරියේ තිබෙන කටයුතුවලට තමන් බලපෑමක් එල්ල නොකරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. එමෙන්ම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හැමවිටම පෙනී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.  යමෙකුට චෝදනා ඇති පමණින් ඔහු වැරදිකරුවෙකු ලෙස හැදින්විය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත්, තමන් යහපාලනය ස්ථාපිත කිරීමේ අරමුණින් කිසිදිනෙක බැහැර නොවන බවද  ඔහු කියා සිටියා.

තමන්ට මෙවැනි චෝදනා එල්ල කිරීමෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා අගමැතිවරයා ලෙස තමාගේ රාජකාරි හා වගකීම්වලට බාධා පමුණුවන්නට උත්සාහ කිරීම සිය අයිතීන් හා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් ලෙස ද අග්‍රාමාත්‍යවරයා හැඳින්වූවා. එවැන්නක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එම නිසා මේ ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

පරීක්ෂණයකදී අදාළ චෝදනාවේ සත්‍යයක් තිබේ ද යන්න සිරස ටී.වී ආයතනයට හා එහි ප්‍රශ්න විචාරකයාටත් අවස්ථාව ලැබෙන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
යහපාලනය ගොඩනැංවීම සඳහා ආණ්ඩුව යන ගමනට විවිධ බලවේග අකුල්හෙලන බව තමා දන්නා බව ද පවසන අගමැතිවරයා එම බාධා නොතකා මෛත්‍රී පාලනයක් ඇති කරන බවට සහතික වුණා. දූෂණ හා වංචා පිටුදකිමින් ශීලාචාර ආණ්ඩුවක් පමණක් නොව, ශීලාචාර මාධ්‍ය සංස්කෘතියක් ද නිර්මාණය කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවසාන වශයෙන් කියා සිටියේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top