වාර්තා වෙන විදිහට මේ සියල්ල ආරම්භ වෙන්නේ 1973 වසරේදී. එන්ගොක්ට හිටි හැටියේ දරුණු උණ රෝගයක් වැළඳෙනවා.
සුවය ලැබුණු පසු ඔහු නිදාගන්න උත්සහ කළත්, ඇස් දෙක පියාගන්න ඔහුට නොහැකි වනවා.
අතිශය කණස්සල්ලට පත්වන එන්ගොක් කොහොම උත්සහ කළත්, එදා පටන් නින්දක් නම් ලැබුවේ නැහැ.
'එන්ගොක්' සාමාන්‍ය විදිහට ආහාර ගන්න අතර අසනීපයක් එහෙම හැදෙන්නේ අතිශය කලාතුරකින්.
වෛද්‍යවරු කියන්නේ නින්ද නොයන එක අසාමාන්‍ය වුණාට, එයින් හානියක් වෙන්නේ නෑ කියලයි.
මෙය සිදු වන්නේ ස්නායු පද්ධතියේ ගැටලුවක් මුල් කරගෙන බවයි ඔවුන් කියන්නේ.
වයස අවුරුදු 75දීත් මේ නිදා නොගන්නා මේ මිනිසා දිනපතා දර ගොඩක් තමන්ගේ නිවසට, අසළ පිහිටි කන්දක ඉඳලා අරගෙන එන එක සුලබ දසුනක් වෙලා.