ප්‍රශ්නය - චිලී ඉස්සෙල්ලාම අපිට කියන්නකො ඔයාගෙ අලූත් විස්තර මොනවද කියලා?
චිලී - ජීවිතේ වෙනදා වගේම ගලාගෙන යනවා.රංගන කටයුතු නිසා තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ.මේ දවස්වල මගේ හතරවෙනි චිත්‍රපටයෙ රූගතකිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක ලාල් ප්‍රියදේවගෙ ෆිල්ම් එකක්.චිත්‍රපටි 4ම ලබන අවුරුද්දෙ තිරගත වෙයි.ඉතින් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ප්‍රේක්ෂකයො ඒ චිත්‍රපටි වැළඳගනීද මං චිත්‍රපටි නළුවෙක් වෙයිද කියලා.
ප්‍රශ්නය - ඔයා ඉන්න එක ෆිල්ම් එකක්වත් release වෙලා නැතිනිසා,අපිට තාම තීරණය කරන්න බෑනෙ චිලී හොඳ චිත්‍රපටි නළුවෙක්ද කියලා. ඔයාට හිතෙන්නෙ කොහොමද?
චිලී - සාමාන්‍යයෙන් නළුවෙක්ට තව චිත්‍රපටියකට ආරාධනා ලැඛෙන්නේ එකක රඟපාලා ඒක release වෙලා සාර්ථක වුණොත්නෙ.මටනම් ඒ අතින් වාසනාවන්තයි.මට ගොඩක් ලැඛෙන්නේ Commercial films. මේ දවස්වල Commercial films දුවන්නේනෑ කියලා මතයක් තියෙනවනේ.මට හිතෙනවා ඒ මතය ඉදිරියෙදි නැතිවෙලා ප්‍රේක්ෂකයො films බලන්න එයි කියලා.මට හිතෙනවා මගේ නිර්මාණ සාර්ථක වෙලා මට සතුටුවෙන්න පුලූවන් වෙයි කියලා.
ප්‍රශ්නය - මේ විදියට films වල රඟපාන්න ඔයාට ආරාධනා ලැඛෙන්නෙ ගායකයෙක් හැටියට කොහොමටත් තියෙන ජනප්‍රියත්වය නිසාද, නැත්නම් දැන හදනුන්කම් නිසාද?
චිලී - මං පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තියෙනවා.මං කරන කියන දේවල් මට දැනෙනවා.ගායකයෙක් හැටියටත් කරන්නෙ මට දැනෙන දේවල්.නිර්මාණයක් කරද්දි ප්‍රේක්ෂකයො ඒක වැළඳගනිද නැද්ද කියලා යම්කිසි තක්සේරුවකට මං එනවා.මං රඟපාපු ටෙලිනාට්‍ය දෙකටම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊටපස්සෙත් ටෙලිනාට්‍ය වලට ආරාධනා ලැබුණත්,ඒක ටිකක් නවත්තලා films වලට වැඩිපුර අවධානය යොමුකළේ යම්කිසි හේතුවක් මගේ හිතේ තියෙන නිසා.මං හිතනවා චිත්‍රපටි වලදි මං විශේෂ කෙනෙක් වෙයි කියලා.ඒක මට දැනෙනවා.