Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
04
"ගේත් විකුණලා ඇයි ලංකාව අතඇරලා දුවත් එක්ක රට යන්නේ, රඟපෑමෙන් අයින් වෙනවද කියලා හැමෝම අහනවා.." - Photos

- "ගේත් විකුණලා ඇයි ලංකාව අතඇරලා දුවත් එක්ක රට යන්නේ, රඟපෑමෙන් අයින් වෙනවද කියලා හැමෝම අහනවා.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

"මේ දාහත් වසරටම එයාගේ තාත්තයි, අම්මයි දෙන්නම වුණේ මමයි.."

" කිසිම කෙනෙකුගෙන් රුපියලක තරම් මුදලක් මම අරගෙන නැහැ.."

"හැමදෙයක්ම කරන්නේ මම දුක්මහන්සියෙන් උපයන මුදලින්.."

අද වෙද්දී Facebook කියන්නේ විශාල පිරිසක් අතර විහිදිලා ගිය දෙයක්.Facebook  එකවුන්ට් එකක් නැති කෙනෙක් හොයාගන්නත් බැරි තරම්. කලා ලෝකයේ අයට තමන්ගේ රසික පිරිස හමුවන්නට Facebook  මහඟු අවස්ථාවක් වන නිසාත් සෑම කලාකරුවකුටම වගේ අද Facebook  ගිණුමක් තියෙනවා.


මම මෙහෙම කිව්වේ ඇතැම් විට ගොඩක් අය විශ්වාස කරන එකක් නැහැ මම Facebook  එකවුන්ට් එකක් හැදුවේ මීට අවුරුදු එකහමාරකට විතර කලින් කියලා. මොකද මට Facebook ගිණුමක අවශ්‍යතාවක් ඒ තරම් තිබුණේ නැහැ. මම මේ විදියට මගේ Facebook ගිණුමක් හදන්නත් විශේෂ හේතුවක් තියෙනවා.

අක්කේ... ඔයාගේ Facebook එකවුන්ට් 15 ක් විතර තියෙනවා. ඇත්ත එක කොයි එකද?

රසික රසිකාවියන් මගෙන් ඔය ප්‍රශ්නේ අහන්න පටන් ගත්තේ අදක ඊයෙක ‍නෙවෙයි. මොකද මගේ නමින් ව්‍යාජ Facebook  ගිණුම් රාශියක් තිබුණා. ඒ ව්‍යාජ ගිණුම්වලින් මම විදියට Chat කළ අවස්ථා ගැන වගේම එක එක ජාතියේ  Post පළ කළ අවස්ථා ගැනත් මට තොරතුරු ලැබි තිබුණා.

සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වුණාම ඕන කෙනෙක් කලබල වෙනවනේ. ඒත් මම ඒවා එතරම් ගණන් ගත්තේ නැහැ. මගෙන් ඒ ගැන අහන අයට මම උත්තර දුන්නේ මට Facebook  ගිණුමක් නැහැ... ඔය එකක්වත් මම දන්නේ නැහැ කියලයි.

ඔය අතරේ මට දුරකථන ඇමතුම් එන්න පටන් ගත්තා මගේ ගෙදර ගැන අහලා.

ගේ විකුණනවා කියලා Facebook  එකේ දාලා තිබුණා. මිස් කීයටද ගේ විකුණන්නේ? ඔය විදියට හුඟ දෙනෙක් මගෙන් අහන්න ගත්තා.

මම දුක් මහන්සියෙන් හදාගත්තු ගේ ඇයි මම විකුණන්නේ? මේක ව්‍යාජ ගිණුමකින් දාපු  Post  එකක් කියලා මම ඒ අයට පැහැදිලි කළා.

ඔය විදියට යද්දී මෙන්න ඇයම මගේ හිතවත් වගේම රසික පිරිස් කතා කරලා තවත් දෙයක් අහනවා.

නිල්මිණි, ඇයි ලංකාව අතඇරලා දුවත් එක්ක රට යන්නේ? රඟපෑමෙන් අයින් වෙනවද? දුවව ඒ රටේ අධ්‍යාපනයට යොමු කරනවද? ආයේ කවදාවත් ලංකාවට එන්නේ නැද්ද?

ඒ ප්‍රශ්නවලටත් හේතුව ව්‍යාජ ගිණුමකින් දාපු  Post  එකක්. මම විදෙස් රටක පදිංචියට යන බව ඒ  Post  එකේ සඳහන් වෙලා. ඒ අවස්ථාවෙත් මට සිදුවුණේ ඇත්ත කතාව ඒ අයට තේරුම් කර දෙන්නයි.

මේ විදියට දිගින් දිගටම විවිධ දේවල් වුණත් මම ඒවා ගණන් ගත්තේ නැහැ. අහන කෙනකුට උත්තර දෙනවා හැර මේ දේවල් කරන අය ගැන හොයා බලන්න කාලයක් මට තිබුණෙත් නැහැ.

ඔය අතරේ මගේ හිත තදින්ම රිදුණු  Post  එකක් පළවෙලා තිබුණා. එහි සඳහන් දේවල් ගැන වැඩි විස්තර කියන්න මම කැමැති නැහැ.

“මගේ දුවට වයස අවුරුදු 17 යි. මේ දාහත් වසරටම එයාගේ තාත්තයි, අම්මයි දෙන්නම වුණේ මමයි. රඟපාලා, මගේ සැලෝන් එක කරලා ඒ ලැබෙන මුදලින් තමයි මම මගේ දුවව ලොකු මහත් කරලා ඉගැන්නුවේ. කිසිම කෙනෙකුගෙන් රුපියලක තරම් මුදලක් මම අරගෙන නැහැ. අර මම කිව්ව  Post එක එවලා තිබුණේ කාන්තාවක්.

එයා එවලා තිබුණේ මගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුමකට. දුවව හදාගන්න මට ලැබෙන උදව් උපකාර ගැන, වන්දි ගැන ඒ  Post එකෙන් අහලා තිබුණා. මගේ නමින් පෙනී සිටින ව්‍යාජ ගිණුමෙන් ඊට මොන වගේ උත්තර ලැබුණද? ඒ  Post  එක  කී දෙනෙක් අතර Share වුණාද? කවුරු කවුරු ඒකට මොන මොන විදියේ Comment  දැම්මද මම දන්නේ නැහැ.

හැබැයි ඒ වෙලාවේ මට දැනුණු දුක හින්දා මම හිතුවා මේ හැමදේටම විසඳුම මගේම Facebook ගිණුමක් හදාගන්න එක කියලා. ඊටපස්සේ තමයි මම Facebook  ගිණුමක් හදාගත්තේ. හැබැයි අදටත් මගේ නමින් ව්‍යාජ ගිණුම් රාශියක් තියෙනවා. ඒත් මගේ ඇත්ත ගිණුමේ කවර් ෆොටෝ එක විදියට තියෙන්නේ මමයි, දුවයි ඉන්න පින්තූරයක්.”

ආරියවංශ කුලතිලක
ලක්බිම



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top