සීතල නත්තල උණුසුම් කරමින් හිරු TV ඔබවෙත ගෙන ආ "හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදය කලා ලෝකයේ ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථකව අවසන් වුණා.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී ඊයේ (25) උදෑසන 9.30 සිට පැවැත්වූ මෙම සුවිශේෂි සාදයේදී රැඟුම් ගැයුම් හා සුවිශේෂී මතක සටහන් ගොන්නක් ඔබ හමුවට ගෙන එන්නට කලා ලොවේ තරු කටයුතු කළා.
කලාශිල්පීන්ගේ ඇඳුම් සඳහා මෙහිදී සිවුශේෂී අවධානයක් යොමුවූ අතර එම සුපිරි නත්තල් කලා මංගල්‍යයේදී හොඳම විලාසිතා කාන්තා ත්‍යාගය මහේෂි මධුසංකා සහ දුෂේනි මියුරංගිත් , හොඳම විලාසිතා පිරිමි ත්‍යාගය ධනංජය සිරිවර්ධන සහ ඉසුරු ලොකුහෙට්ටි දිනාගත් අතර ඔවුන් රුපියල් පනස්දහස බැගින් වූ මුදල් ත්‍යාග හිමි කරගත්තා.
මෙහිදී විවිධ ඉසව් හා දිනුම් ඇදීම් යටතේ කලාශිල්පීන්ට මුදල් හා ත්‍යාග රැසක් ලබාදීමට හිරු TV කටයුතු කළා.
රුපියල් 25,000 ක් වටිනා හැම්පර් හා මුදල් ත්‍යාග , ඒ අතර විශේෂ තැනක් ගනු ලැබුවා.
ඊට අමතරව හොඳම නිර්මාණාත්මකම නත්තල් ගස සැරසීම , ආදරණීය යුවල හා වින්දනාත්මක කණ්ඩායමද තෝරා ගනු ලැබුවා.
ඒ අනුව උරේෂා රවිහාරි ඇතුළු පිරිසගේ කණ්ඩායහ හොඳම වින්දනීය කණ්ඩායම ලෙස ජයග්‍රහණය කළ අතර එක් අයෙකුට රුපියල් දස දහස බැගින් තරු පන්තියේ හෝටලයක වවුචර් පත් හිමි කරගත්තා.
ඔවුන් එසේ වටිනා වූ මුදල් ත්‍යාග දිනාගනිද්දී එදින සහභාගී වූ සියලුම ආදරණීය කලාකරුවන්ට නත්තල වෙනුවෙන්ම සුවිශේෂී ත්‍යාග ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවුණා.
"හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදයේ තවත් ඡායාරුප එකතුවක් මෙහි දැක්වේ .