කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ මෙහෙයුමකදී සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් වටලා පහළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාඇල, ඒකල ප්‍රදේශවලදී කළ මෙම වැටලීමේදී ගණිකා මධ්‍යස්ථාන කළමනාකරුවන් දෙදෙනකු හා එක් කළමනාකාරිණියක්ද, තවත් රූමත් කාන්තාවන් දොළොස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
මෙම පිරිස අවුරුදු 22ත් 38ත් අතර වයසේ පසුවන ගම්පහ මිනුවන්ගොට, බියගම,තඹුත්තේගම, රත්ගම පොළොන්නරුව, නුවරඑළිය, කතරගම, අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි අයයි.
මෙම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන්නන් ප්‍රථමයෙන් රුපියල් 1200ක මුදලක් ගෙවා මධ්‍යස්ථානයට ඇතුළු විය යුතු අතර අනතුරුව තමන්ගේ රුචිකත්වය මත කාන්තාවක් තෝරාගෙන එම කාන්තාවන් නියම ක රන මුදල ගෙවිය යුතු බවත් සදහන්. ඉන් අනතුරුව පැයක පමණ කාලයක් එම කාන්තාවගේ පහස ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බවත් සදහන්.