Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
26
"බීමතින් සිටි තාත්තා අලවංගුවෙන් අම්මාගේ පපුවට ඇන්නා“ - බිරිඳ ගැන සැක කෙරූ සැමියා දිස්නා ඝාතනය කළ හැටි දියණිය හෙළිකරයි - Photos

- "බීමතින් සිටි තාත්තා අලවංගුවෙන් අම්මාගේ පපුවට ඇන්නා“ - බිරිඳ ගැන සැක කෙරූ සැමියා දිස්නා ඝාතනය කළ හැටි දියණිය හෙළිකරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

නිදි පැදුරේදීම ඝාතනය කරලා..
 
ඉකුත් 14 වන දා අළුයම මාතර මහ රෝහලේ පොලිසියෙන් දික්වැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණ ඇමතුමකින් කියවුණේ දික්වැල්ල උඳුගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මාරාන්තික තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බවයි. 
 
මෙම අපරාධය සිදුවී ඇති බව වාර්තා වුණේ පාතේගම, කටුගහේ වත්ත, කෝට්ටේගොඩ යන ලිපිනයේ පදිංචිව සිටි කාන්තාවකටයි.


සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් වහාම එම ස්ථානයට විමර්ශන නිලධාරින් පිටත්කර හැරීමට යැවුණු අතර තුවාල ලබා තිබූ කාන්තාව රෝහලට රැගෙන ගොස් තිබුණේ සුවසැරිය ගිලන් රථයකිනි. 
 
සිද්ධියෙන් මියගොස් තිබුණේ 39 හැවිරිදි දිස්නා ප්‍රියදර්ශනී නැමති පස්දරු මවකි. 
 
ඇය නින්දේ පසුවන අතරතුරයි එසේ අමානුෂික පහරකෑමකට ලක්වී තිබුණේ. ඇගේ සැමියා ධීවර කාර්මිකයෙකු වූ අතර සිද්ධියෙන් පසු ඔහු ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි නිසා දිස්නාගේ මරණයේ සැකට ඔහු වෙත එල්ල විය. සුමිත් නම් වූ ඔහු දිස්නා සමඟ ඇරඹූ යුග දිවිය තුළ දරුවන් පස් දෙනෙක් ලබා ඇති අතර සුමිත් මතට ඇබ්බැහි වීම සහ දිස්නා පිළිබඳ ඇතිවූ සැක සංකා නිසා යුග දිවිය කණකොකා හඬන්නට පටන්ගෙන තිබුණි. 
 
දිස්නාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ බර උල් ආයුධයකින් අඟල් 9 ක් පමණ ගැඹුරට ඇතිවූ තුවාලය හේතුවෙන් දිස්නා මරණයට පත්ව ඇති බවයි. 
 
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර ගන්දර පොලිසියේ නිලධාරින් පිරිසක් රාත්‍රියේ මුර සංචාරයක යෙදෙමින් සිටියදී මහ මඟ ගමන්ගත් පුද්ගලයෙකු පිළිබඳ සැකසිතී ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නොසන්සුන් ලෙස හැසිරී ඇති අතර ඔහුව පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී දිස්නාගේ මරණය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිවී තිබේ.
 
සිද්ධිය වූ දිනයේ දිස්නාගේ දියණියකගේ දරුවෙකුට නැකතට බත් කැවීමේ උත්සවයක් යෙදී තිබී ඇති අතර දිස්නා හා සැමියා ද ඊට එක්වී තිබෙනවා. සාදය අවසන්ව දිස්නා හා සැමියා ඔවුන්ගේ නිවසට පැමිණ ඇති අතර දරුවන් ඇඳ මත නිදද්දී සුමිත් හා දිස්නා බිම එළූ පැදුරක් මත නිදාගෙන තිබේ. 
 
ඇය නින්දේ පසුවෙමින් සිටින විට ඇගේ ලැම පෙදෙසට අලවංගුවකින් ඇන ඇය ඝාතනය කර ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ. 
 
“තාත්තා අලවංගුවක් අරන් ඇවිත් අම්මාට ඇන්නා“ යනුවෙන් මේ පිළිබඳ දිස්නාගේ දියණිය පොලිසියට පවසා තිබුණි. 
 
සැකකරු මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top