Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
24
"ඒක තමයි මට හරිම අමාරු. රණ්ඩු වෙලා හරි ඉවර කරනවා නම් හොඳයි කියලා හිතෙනවා..." - ක්‍රිකට් ක්‍රීඩක මිලින්දගේ බිරිද කියයි

- "ඒක තමයි මට හරිම අමාරු. රණ්ඩු වෙලා හරි ඉවර කරනවා නම් හොඳයි කියලා හිතෙනවා..." - ක්‍රිකට් ක්‍රීඩක මිලින්දගේ බිරිද කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

"හැබැයි මම ඒවා දැනගෙන හිටියේ නෑ.."

"අවුරුද්දටම එක පාරක් වගේ හම්බවුණේ. නිතර කතාබහ කරන්නත් බැහැ.."

මිලින්ද සිරිවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්. නිරන්තරයෙන් ජාතික කණ්ඩායම තුල දකින්න නොලැබුනත් ඔහු ක්‍රීඩාව තුල කැපී පෙනෙනවා. ඔහු ගැන  ඔහුගේ ආදරණීය බිරිඳ දිලංකා විතාරණ කතා කරන්නේ මේ විදිහටයි.


 * මිලින්දගේ ප්‍රථම ප්‍රේමය
ඇත්තටම මිලින්ද ගේ ප්‍රථම ප්‍රේමය මම. මගෙත් පළමුවැනි ආදරය මිලින්ද. අපි මුණ ගැහුණේ අපේ ඥාති කෙනෙකු ගේ පාර්ටි එකකදී. එතකොට මම උසස්පෙළ කරපු ගමන්. එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. මම එයාව දැනගන්න කාලේදී එයා 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ කාලේ ඒ දේවල් ගැන එච්චර මං දැනගෙන හිටියේ නෑ. අවුරුදු නවයකට කිට්ටු කාලයක් අපි පෙම්වතුන්. එයා හිටියේ කළුතර. මගේ ගෙවල් රත්නපුර. ඉතිං හම්බවෙන්න එහෙම අවස්ථාවක් තිබුණේ නෑ. ෆෝන් එකෙන් තමයි කතා කරන්නේ. ඒ දවස්වල අපිට මොබයිල් ෆෝන් එහෙම නෑනේ. ගදෙර ලෑන්ඞ් ලයින් එකට තමයි කතා කරන්නේ, ගෙදර අයට හොරෙන්. නම්බර් එක හොයාගෙන එයා කොහොමහරි අපේ ගදෙරට කතා කළා.
 
* මතකද ඔහු ඔබට දුන්නු මුල්ම තෑග්ග ?
ඉස්සෙල්ලම එයා මට තෑග්ගකට දුන්නේ චූටි මුද්දක්. එයාගේ නෑදෑ කෙනෙක් අතේ ඒක එවලා තිබුණේ. ඒ මුද්ද මට ටිකක් ලොකුත් එක්ක. නිකං පුංචි මුද්දක්. මගේ ළඟ තාමත් ඒක ඒ විදිහටම අරන් තියලා තියෙනවා. මම එයාට ඉස්සෙල්ලාම දුන්නේ පුංචි මාලයක්. රත්තරං එහෙම නෙමෙයි. නිකං මාලයක්. ක්ලාස් යන කාලෙනේ, ඒ දවස්වල අතේ සල්ලිත් නෑනේ ඉතිං.
 
* ගෙදරින් මිලින්දගේ ආදරයට තිබුණු ප්‍රතිචාර මතකද ?
ගෙදරට ටික දවසක් යද්දී තේරුණා මං හිතන්නේ. මොකද ලෑන්ඞ් ලයින් එකටනේ කතා කරන්නේ. අම්මලා එපාම කිව්වේ නැහැ. හැබැයි උසස්පෙළ දෙවැනි සැරේ කරන්න හිතපු නිසා එයාලා කැමැති වුණේ නැහැ විභාගය හරියට කරගන්නේ නැතුව යයි කියලා හිතලා. අනිත් එක පවුල්වල අයත් අඳුරනවලූ. හැබැයි මම ඒවා දැනගෙන හිටියේ නෑ. එදා පාර්ටි එකේදිත් මම මිලින්ද දැක්කේ පළමුවැනි වතාවට. කොහොම හරි ඔය හැමදේමත් එක්ක ඉතිං අන්තිමට හැමෝගෙම ආශීර්වාදය ලැබුණා.

* ඒ කාලේද දැන්ද හොඳ ?
ඒ දවස්වල මුලදීම නම් අවුරුද්දටම එක පාරක් වගේ හම්බවුණේ. නිතර කතාබහ කරන්නත් බැහැ. දැන් ඉතිං එහෙම නැති නිසා දැන් ආදරේ හොඳයි. දැන් අපිට පුතෙකුත් ඉන්නවානේ. ඒ කාලේ ගැන හිතුවොත් ඉතිං වගකීමක් එහෙම නෑ, ක්ලාස් යද්දී හම්බවෙනවා යාළුවොත් එක්ක. ඒ වගේනේ. ඉතිං ඒ කාලෙත් හොඳයි කියලා හිතෙනවා.
 
* කොහොමද දිලංකාගේ වැඩවලට ලැබෙන සහයෝගය ?
16සමහර වෙලාවට ගදෙර වැඩත් කරනවා. සමහර වෙලාවට කෑමත් හදනවා. හැබැයි ළඟකදී නම් කෑමක් හැදුවෙත් නෑ. මුලදී නම් ඔය අලූත් රෙසපීස් එහෙම රසට හදනව. නිතරම නෙමෙයි. බබා බලාගන්න වැඬේ නම් එයාට පොඞ්ඩක් අමාරුයි. දැන් බබාට අවුරුදු හතර වෙන්න ළඟ නිසා ටිකක් විතර රවට්ටාගෙන සෙල්ලං කරගෙන ඉන්නවා. හැබැයි පොඩි දවස්වල නම් එයාට බබාව බලන එක අමාරු වැඩක්. හැමවෙලාවේම වගේ මට උදව් කරනවා.
 
* කේන්ති ගියහම ?
හරියට කේන්ති යනවා. මූණෙන් පේනවා කේන්ති ගියහම. කතා කරන්නේ නෑ, හරිම අමාරුයි ඒ වෙලාවට වචනයක් ගන්න. රණ්ඩු වෙන්නේ කෑ ගහන්නේ නෑ. කතා නොකර ඉන්නවා. ඒක තමයි මට හරිම අමාරු. රණ්ඩු වෙලා හරි ඉවර කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. කතා නොකර ඉන්න එක තමයි ඉතිං මට නම් ලොකුම දඬුවම. දුක හිතුනහමත් ඉතිං සද්දනැතුව ඉන්න එක තමයි කරන්නේ. මොකද එයා කොහොමත් වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමෙයි.

* අකමැතිම ගතිගුණය ?
 තරහ ගියාම, මොකක්හරි වුණහම කතා නොකර ඉන්න එක තමයි මං අකමැතිම.
 
* කැමැතිම ගතිගුණය ?
එයාගේ හුඟක් හොඳ ගතිගුණ මං දැකලා තියෙනවා. එයා එයාගේ පවුලේ අයට ගොඩක් ලැදියි. ගෙදර  අයට හරිම කිට්ටුයි. මං මුලදී කැමැති වෙන්නත් ඒකත් එක හේතුවක්. මොකද පවුලේ අයට එහෙම ආදරේ කෙනෙක් නරක කෙනෙක් වෙන්න විදිහක් නැහැනේ. අම්මට තාත්තාට ගොඩක් ආදරේ ළමයෙක් වැරදි වැඩ කරන්නේ නැහැනේ.
 
* විවේකයක් ලැබුණොත් ?
ගෙදරට වෙලා ඉන්න තමයි කැමැති. ගදෙර ඉන්නවා නම් ගොඩක් වෙලාවට කරන්නේ නිදාගන්න එක. යාළුවෝ ටික එකතු වුණොත් සිංදු කියනවා. අමරදේව මහත්මයා, සුනිල් එදිරිසිංහ මහත්මයාට හුඟක් කැමැතියි. ගායිකාවන් නම් උමාරියට කැමැතියි. විවේකයක් ලැබුණොත් ඉතිං ෆිල්ම්ස් බලන්නත් කැමැතියි.
 
* සංචාරයට කැමැති කොහේද ?
බණ්ඩාරවෙල ඒගොල්ලන්ගේ පොඩි වත්තක් තියෙනවා. හුඟක් වෙලාවට ගදෙර හැමෝම එක්ක ඒකට යනවා. රස්නේ නැති පැති වලට තමයි යන්න කැමැති. පිටරට නම් මං හිතන්නේ එයා ආස නවසීලන්තයට.
 
* විලාසිතා පිළිබඳ තියෙන උනන්දුව ?
එයාගේ කැමැත්ත ඩෙනිම් එකටයි ටී ෂර්ට් එකටයි. ඇඳුම් නම් කොහේ ගියත් හැබැයි හරිම පිළිවෙලට අයන් කරලා නීට් එකට තියෙන්න ඕනෑ.
 
 යුගන්ති යශෝධරා


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top