පාසල් යන අතරතුරේදීම එකම පන්තියේ ළාබාල සිසුවියන් දෙදෙනකු ඔවුන් දැන හැඳිනගත් පෙම්වතුන් දෙදෙනකු සමග පැන යෑමේ පුවතක් පිළිබඳව වාර්තාවනවා.
පසුව එම දැරියන්ගේ ඥතීන් විසින් බිංගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ළාබාල ජෝඩු දෙක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් පෙම්වතියන් 15 වියේ පසුවන අතර ඔවුන්ගේ පෙම්වතුන් 17 හා 18 වැනි වියෙහි පසුවෙන බව සඳහන්.
මෙම දැරියන් දෙදෙනාම මවුවරුන් නොමැතිව මිත්තණියන් සමග ජීවත්ව ඇති අතර පෙම්වතුන්ගේ බලවත් ඉල්ලීම මත පෙම්වතියන් දෙදෙනාම එක් පෙම්වතෙක් විසින් යතුරුපැදියක නංවාගෙන ගොස් අනෙක් පෙම්වතාගේ නිවසේදී සිව් දෙනාම එකට හමුව ඇති බව අනාවරණය වී ඇත.
මෙම පෙම් පටලැවිල්ල බිංගිරිය පොලිසියේදී දිග් හැරෙන අවස්‌ථාවේදී එක් සිසුවියක් මීට පෙර තවත් 16 හැවිරිදි සිසුවෙකුගෙන් අතවරයට ලක්‌ව ඇති බව හෙළිදරව් වීමෙන් අනතුරුව ඔහුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අනුව මෙම තරුණයන් තිදෙනාම හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇපමත නිදහස් කොට ඇති අතර නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කළ බවයි පැවසෙන්නේ.
දැරියන් දෙදෙනා කුලියාපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
බිංගිරිය පොලිස් ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා.