Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
16
‘‘මම උඹට පනස්දාහක් දෙනවා. මේකිව ඉවරයක් කරලා දාන්න හොඳ වෙලාවක් සෙට් කරලා දීපං.’’ මාලිගාවත්තේ කැඳ විකිණපු කන්චිපාන ඉම්රාන් පාතාලේ කෙරුමෙක් වී බිරිඳ ෆිනෝසා ඝාතනය සැළසුම් කළ හැටි මෙන්න

- ‘‘මම උඹට පනස්දාහක් දෙනවා. මේකිව ඉවරයක් කරලා දාන්න හොඳ වෙලාවක් සෙට් කරලා දීපං.’’ මාලිගාවත්තේ කැඳ විකිණපු කන්චිපාන ඉම්රාන් පාතාලේ කෙරුමෙක් වී බිරිඳ ෆිනෝසා ඝාතනය සැළසුම් කළ හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"උඹට එක එක සම්බන්ධකම් තියනවා කියලා ආරංචියි. මාව නරක මිනිහා කරන්න එපා"
"මං මලත් උඹට දික්කසාදෙ දෙන්නෙ නැහැ. උඹ මාව දාල දරුවත් අරන් රට පැන්නා"
"ෆිනෝසා ජීවත්වෙලා ඉන්න එක මට මහ හිසරදයක්"

මීට අවුරුදු හත අටකට උඩදී මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පල්ලිය ඉදිරිපිට මුස්ලිම් කොල්ලෙකු කැඳ වික්කේය. මේ කැඳ කොල්ලා නමින් ඉම්රාන් විය. කැඳ විකිණූ නිසා මොහු කන්චිපාන ඉම්රාන් ලෙස මාලිගාවත්තේ කා අතරත් ප්‍රසිද්ධව සිටියේය. (කන්චිපාන යනු මුස්ලිම් භාෂාවෙන් කැඳ පානයයි.)

එකල මාලිගාවත්තේ මුස්ලිම් පාතාලය අති බිහිසුණු විය. ෆාජි අයුබ් ඛාන්, බයියා, මංජල් අක්‍රම්, මාමස්මී, ආනමාළු ඉමිටියාස් වැනි මිනීමරුවන් මෙන්ම මහා පරිමාන කුඩුකාරයන් මාලිගාවත්ත පාතාලය පාලනය කළහ.
 
මාලිගාවත්තේ මිනිස් ඝාතන සාමාන්‍ය සිද්ධියක් බවට පත් වූ කාලයක් තිබුණේය. මාලිගාවත්ත පාතාලයේ නඩු ඇසුවේය. වැරැදිකාරයන්ට දඬුවම් ලබා දුන්නේය. කොටින්ම මාලිගාවත්ත යනු වෙනම රාජධානියක් ලෙස පාතාලය විසින් පාලනය කළහ. මේ පාතාල මැරයන්ගේ අණසකට පිටින් මාලිගාවත්තේ කිසිවක් කළ නොහැකි විය.


කොටින්ම පොලිස් නිලධාරියකුට පවා එදා මාලිගාවත්තට ඇතුළු වීමට අවසර තිබුණේ නැත. එදා මාලිගාවත්ත පාතාලයට එරෙහිව වැටලීමක් කිරීමට ගියේ නම් පොලිස් නිලධාරීන්ට සිදු වුණේ රෙදිත් නැතිව ආපසු ඒමටය.
 
 එවැනි සිදුවීම් රැසක් එකල වාර්තා වී තිබුණේය. වරක් මාලිගාවත්තට ඇතුළු වූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් මේ පාතාල මැරයන්ගෙන් අම්බානක ගුටි කෑහ.
 
 විවිධ විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත රාජධානියට ඇතුළු වූ පොලිස් නිලධාරීන් ගුටි කෑ අවස්ථා අනන්තය. ඒ තරමටම එදා මාලිගාවත්ත පාතාලයේ මැරයන් බලවත්ව සිටියහ. කොටින්ම මේ පාතාල නරුමයන්ගේ අණසකට පිටින් මාලිගාවත්ත අහසේ කපුටකුටවත් පියෑඹිය නොහැකි විය.
 
මාලිගාවත්ත පාතාල ත්‍රස්තවාදයට එරෙහිව එදා පොලිස් විශේෂ කාර්ය බළකාය සටන් කළහ. එවකට ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මේ සටන මෙහෙයුවේය.
විශේෂ කාර්ය බළකායේ ප්‍රහාරවලින් මාලිගාවත්තේ පාතාල කෙරුම්කාරයන් බහුතරයක් පරලෝසැපත් වූහ.
මාලිගාවත්තට වින කළ මේ කාලකණ්ණින් රොත්ත චුතවීමෙන් පසු එහි ජනතාව සැනසුම් සුසුම් හෙලූහ.
 
 එදා පාතාලයේ අගනගරය ලෙස හැඳින් වූයේ මාලිගාවත්තය. මාලිගාවත්ත යන නම කියූ පමණින් ඇස් උඩ ඉන්දවන තරමට දරුණු තත්ත්වයක් එහි පැවතුණේය. මාලිගාවත්තට වින කළ කාලකණ්ණින් අකාලයේ විනාශ වී යෑමෙන් පසු එහි ජනතාව නැවතත් නිදහසේ සාමකාමීව කාලය ගත කරන්නට පටන් ගත්හ. මාලිගාවත්තට එල්ලවී තිබූ පාතාල ලේබලය කෙමින් කෙමින් මිනිස් සිත්වලින් ඇකී මැකී යාමට පටන්ගෙන තිබුණේය.
 
එහෙත් මාලිගාවත්තේ ජනතාවට වැඩි කාලයක් ඒ නිදහස භුක්ති විඳීමට වාසනාව උදාවී තිබුණේ නැත. පසුගිය මාසයක දෙකක කාලයක් තිස්සේ මාලිගාවත්ත නැවතත් ගිනිගන්නට පටන් ගත්තේය.
 
පසුගිය 26 වැනිදා රාත්‍රියේ මාලිගාවත්ත නගරයේදී එක්දරු මවක් වෙඩිතබා ඝාතනය කෙරිණි. ඉකුත් 13 වැනිදා රාත්‍රියේ 22 හැවිරිදි තරුණයකුට පාතාල මැරයන් පිරිසක් පන්න පන්නා වෙඩි තැබූහ.
 
මේ සිදුවීම් මාලාව මාලිගාවත්ත නගරය අපායේ දොරටුව ලෙස හඳුන්වන ලකුණු පහල කරමින් සිටියි. පසුගිය දින කීපය තිස්සේ මාලිගාවත්තේ ස්ථාන කීපයක එල්ල කළ ප්‍රහාර පිටුපස සිටියේ මාලිගාවත්තෙන් බිහිවූ කුඩුකාරයෙකි.
මාලිගාවත්ත නැවතත් අමු සොහොන් පිටියක් බවට පත් කිරීමේ කාර්ය භාරගෙන සිටින්නේ ජුම්මාමස්ජිඞ් පල්ලිය ඉදිරිපිට කැඳ විකිණූ කැඳ කොල්ලා බව බොහෝ දෙනෙක් දන්නේ නැත. කන්චිපාන ඉම්රාන් නමැති රස්තියාදුකාරයා මේ වන විට පාතාලයේ මහ කෙරුම්කාරයකු වී සිටියි.
 
මාකඳුරේ මධුෂ් නමැති සංවේදී පාතාල මැරයා සමඟ එක්ව මෙරට පාතාල ලෝකය මෙන්ම කුඩු ජාවාරම සංවර්ධනය කිරීමේ භාරදූර කාර්යයට අතගසා සිටින කන්චිපාන ඉම්රාන් නමැති මැරයා අද මහා ධනවතකු බවට පත්ව සිටියි.
 
මෙරට පොලිසියට මෙන්ම බුද්ධි අංශවලට පිංසිදු වන්නට මේ පාතාල මැරයන් දෙදෙනා මේ වන විට ඩුබායි දේශයට වී උපරිම සැප භුක්ති විඳිමින් ශ්‍රී ලංකා දේශය ගිනිබත් කරමින් සිටිති.
 
කන්චිපාන ඉම්රාන් මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පල්ලිය අසල කැඳ විකුණමින් සිටි කාලසීමාවේ පාතාලයේ මහ මැරයන් කීපදෙනකු ඇසුරු කළේය.
 
සුරු කළා කීවාට එය පාතාල මැරයන් පසුපස යමින් උන්ට බැලමෙහෙවර කිරීමක් බඳු විය. මාලිගාවත්තේ පාතාල මැරයන් වූ ෆාජි, මංජල් අක්‍රම් මාමස්මි වැන්නවුන්ගේ දෙපා මුල වැටී සිටිමින් කන්චිපාන ඉම්රාන් පාතාල වැඩකාරයකු වීමට උත්සාහ ගත්තේය.
 
පාතාල මැරයන්ට ආවතේව කරමින් උන්ගේ උදව් උපකාර ලබා ගනිමින් ඉම්රාන් ගංජා හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට පටන් ගත්තේය. මත්ද්‍රව්‍ය අලෙවියෙන් ඉතාම කෙටි කාලයක් තුළ මහා ධනවතු වීමට හැකි බව තේරුම් ගත් ඉම්රාන් තම මුල්ම රැකියාව වූ කැඳ විකිණීමේ ව්‍යාපාරයට පයින් ගැසුවේය.
 
මාලිගාවත්ත, පිටකොටුව, කොටහේන, මරදාන වැනි ප්‍රදේශවල මත්ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරය කරගෙන ගිය ඉම්රාන් යහමින් මුදල් ඉපයීමට පටන් ගත්තේය.
 
ෆිනෝසා මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකාරියකි. ඉම්රාන්ට ෆිනෝසා මුණගැසෙන්නේ ඔහු සෑහෙන වත් පොහොසත්කම් ඇති පුද්ගලයකු ලෙස ජීවත් වෙමින් සිටියදීය. ෆිිනෝසා ඉම්රාන් විවාහ වීමෙන් පසු මාලිගාවත්තේම වෙනත් නිවසක පදිංචියට ආවාය.
 
විවාහයෙන් පසුවද කන්චිපාන ඉම්රාන් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කළේ නැත. පාතාල නායකයන් සමඟ සබඳතා පවත්වාගෙන යෑම නතර කළේ ද නැත.
 
එවකට රජය විසින් පාතාල මර්දන මෙහෙයුම් දරුණු අන්දමින් ක්‍රියාත්මක කරමින් සිටියහ. මාලිගාවත්ත පාතාලයේ කෙළිකාරයන් වූ ෆාජි මාමස්මි ආනමාළු ඉමිටියාස් වැන්නවුන් විශේෂ කාර්ය බළකාය අතින් ඝාතනය වුණේය.
 
කන්චිපාන ඉම්රාන්ගේ නමද පාතාල මර්දන ලැයිස්තුවල ඉහළින්ම සටහන්ව තිබුණේය.
 
කොයිවේලාවක හරි මාවත් උස්සනවා. ඊට ඉස්සර මම ඩුබායිවලට පැනගන්නවා එහෙම ගිහින් මම ඔයාවයි දරුවවයි ගන්නම්...
 
කන්චිපාන ඉම්රාන් ජීවිතය බේරා ගැනීමට ඩුබායිවලට පලා යෑමට සැලසුම් කළේය. දරුවා සහ බිරිඳ පසුව ඩුබායි දේශයට ගන්නා පොරොන්දුව පිට ඔහු පැන ගත්තේය. ෆිනෝසා තම දරුවාද සමඟ මාලිගාවත්තේ තනි වූවාය.
 
මෙරට පාතාලයේ මෙන්ම හෙරොයින් ජාවාරමේ මහ කෙරුමා ලෙස හැඳින්වෙන මාකඳුරේ මධුෂ් සිටියේද ඩුබායි දේශයේය. කන්චිපාන ඉම්රාන්ට මාකඳුරේ මධුෂ් මුණගැසුණේය. ඉම්රාන් මධුෂ් මෙහෙයවන හෙරොයින් ජාවාරමට සම්බන්ධ වන්නේ ඉන් පසුවය.
 
ඉම්රාන් ඩුබායි ගියපසු ෆිනෝසා හුදකලා වූවාය. ඉම්රාන්ට ෆිනෝසා ගැන අසන්නට ලැබුණේ නරක ආරංචිය. ඉම්රාන් ඇයට නිතර දුරකථනයෙන් තර්ජනය කළේය.
 
උඹට එක එක සම්බන්ධකම් තියනවා කියලා ආරංචියි. මාව නරක මිනිහා කරන්න එපා. ඒ සම්බන්ධකම් නතර කරගන්න.
 
කන්චිපාන ඉම්රාන් ෆිනෝසාට තර්ජනය කළ ද ඇය ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත. මාලිගාවත්තේ සිටි කාලයේ ඉම්රාන් ෆාතිමා නමැති කාන්තාවක සමග ද අනියම් සම්බන්ධයක් ගොඩනගාගෙන සිටියේය.
 
මේ ගෑනි ළඟ හිටියොත් මගේ දරුවත් විනාශ වෙනවා. කොහොමහරි දරුවව ඩුබායිවලට ගෙන්න ගන්න ඕන.
 
ඉම්රාන් මාලිගාවත්තේ සිටි තම අනියම් බිරිඳ වූ ෆාතිමාට කීවේය. කන්චිපාන ඉම්රාන් තම දරුවා සහ අනියම් බිරිඳ ඩුබායි දේශයට ගෙන්වා ගත්තේය.
 
මේ අතර මධුෂ් ඉම්රාන් සුසංයෝගය කොළඹ නගරය දෙවනත් කරන්නට පටන් ගත්හ. තම විරුද්ධවාදීන් අමු අමුවේම ඝාතනය කරමින් කොළඹ නගරය පුරා මහා භීෂණයක් වපුරුවා හැරීමට මේ පාතාල නරුමයන් දෙදෙනා කටයුතු කළහ.
 
කොටහේන ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පසුගිය කාලය පුරා සිදුවූ මිනිස් ඝාතන හත අටකටම නායකත්වය දුන්නේ ඩුබායි හි සැඟවී සිටින මධුෂ් සහ කන්චිපාන ඉම්රාන් යන තුට්ටු දෙකේ චන්ඩින් දෙදෙනාය. මේ මිනිමැරුම් වැඩි ප්‍රමාණයකට නායකත්වය දුන්නේ කන්චිපාන ඉම්රාන්ය.
 
බයියා නමැති තවත් පාතාල මැරයකු මාලිගාවත්තේ ජීවත් වුණේය. මේ මැරයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ ද හෙරොයින් ජාවාරමය. බයියා මේ වන විට සිටින්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ සැඟවී සිටිමින් බයියා දුරකථන මාර්ග ඔස්සේ මෙරට හෙරොයින් ජාවාරම මෙහෙයවයි.
 
බයියාගේ ගෝලයන් ද මාලිගාවත්ත, කොටහේන, පිටකොටුව ප්‍රදේශය පුරා හෙරොයින් බෙදාහරිති. කන්චිපාන ඉම්රාන්ගේ ගෝලයන් සහ බයියාගේ ගෝලයන් හෙරොයින් බෙදාහැරීමේදී නිතරම පැටලූණහ. ඔවුන් අතර නිතර නිතර ගැටුම් හටගෙන තිබිණි.
 
කන්චිපාන ඉම්රාන්ට අවශ්‍ය වී තිබුණේ කොළඹ ප්‍රදේශයේම හෙරොයින් බෙදාහැරීමේ ආධිපත්‍ය තමන් වෙත ලබාගැනීමය. ඒ සඳහා විරුද්ධවාදීන් විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ඉම්රාන් රහසිගතව ක්‍රියාත්මක කරගෙන ගියේය. මේ අතර තම නිත්‍යානුකූල බිරිඳ ෆිනෝසා පිළිබඳ නරක ආරංචි දිගින් දිගටම ඉම්රාන්ට අසන්නට ලැබුණේය.
 
මට උඹව ඩිවෝස් කරන්න ඕනෙ. ඒකට උඹ කැමති වෙයන්. උඹ කිසිකමකට නැති ගෑනියක් මට දැන් උඹෙන් වැඩක් නැහැ. කන්චිපාන ඉම්රාන් ෆිනෝසාට නිතර දුරකථනයෙන් කතාකරමින් දික්කසාදය ඉල්ලා සිටියේය.
‘‘මං මලත් උඹට දික්කසාදෙ දෙන්නෙ නැහැ. උඹ මාව දාල දරුවත් අරන් රට පැන්නා. මම උන්නද මලාද කියලා ඇහැක් ඇරලා බැලූවෙ නැහැ. උඹ ෆාතිමා එක්ක හිටපං. මට මගේ දරුවව දීපං...’’
 
ෆිනෝසා කන්චිපාන ඉම්රාන්ට පෙරලා බැන වැදුනාය. ඉම්රාන් ෆිනෝසා ආරවුල සෑහෙන කාලයක සිට පැවතිණි. ඉම්රාන් තම නිත්‍යානුකූල බිරිඳ පිළිබඳව පසුවුණේ දැඩි වෛරයකින්ය.
 
‘‘මේකිව අයින් කරලා දාන්න ඕනෙ. මේකි මං ගැන තොරතුරු දෙනවා එගේන්ස් ටීම්වලට. ෆිනෝසා ජීවත්වෙලා ඉන්න එක මට මහ හිසරදයක්.’’
 
ඉම්රාන් සිය ගෝලබාලයන්ට කීවේය. ෆිනෝසාට මරණ වරෙන්තු නිකුත් වුණේය. ඇයගේ ගමන් බිමන් පිළිබඳ සොයා බැලීමට ඔත්තුකාරයකු සොයා ගැනීමට අවශ්‍ය විය.
 
වසීම් කන්චිපාන ඉම්රාන්ගේ ළඟ ඥාතියෙකි. මාලිගාවත්තේම පදිංචිකරුවකු වූ ඔහු කුඩා කල සිට ඉම්රාන් ඇසුරු කළේය.
 
වසීම් ෆිනෝසාගේ ද ඥාතියෙකි. ඔහු පදිංචිව සිටියේ ෆිනෝසාගේම නිවසේය.
 
අපේ වඩේට වසීම්ව සෙට් කරගන්න පුළුවන්. මිනිහට මේ ගැන කිව්වා. මිනිහ කැමතියි. අපි කිව්ව ඉම්රාන් අයියා උඹට ලොකු ගානක් දෙයි කියලා.
 
ඉම්රාන්ගේ ගෝලයන් ඔහුට දුරකථනයෙන් කතාකර වසීම් ගැන කීහ.
 
දිනක් ඉම්රාන් වසීම්ට දුරකථනයෙන් කතා කළේය.
 
වසීම් උඹ තමයි මට ඉන්න එකම විශ්වාසවන්ත මිනිහා. එකම ඥාතියත් උඹ විතරයි. මට උදව් කරපං ෆිනෝසා ගැන මට විස්තර හොයල දීපං මං උඹට ඒකට හොඳට ගෙවන්නම්.
 
ඉම්රාන් තම සමීප ඥාතියා වූ වසීම්ට කීවේය.
 
‘‘හරි හරි ඉම්රාන් අයියා මම මේකි ගැන හැම දෙයක්ම හොයලා දෙන්නම්. ෆිනෝසාගෙ ගෙදරම ඉන්න මිනිහනෙ. මට ඒක කරන්න පුළුවන්. ෆිනෝසා පිළිබඳව තොරතුරු සැපයීමේ කාර්ය වසීම් භාර ගත්තේය.
 
ෆිනෝසාගේ අනියම් සම්බන්ධකම් මෙන්ම ඇය යන එන ස්ථාන පිළිබඳ සියලූ තොරතුරු වසීම් ඩුබායි හි සිටින කන්චිපාන ඉම්රාන් වෙත ලබා දුන්නේය. ඒ සඳහා ඔහුට නිතර නිතරම ඉම්රාන්ගෙන් මුදල් ලැබුණේය.
 
‘‘මට ෆිනෝසාව ඉවරයක් කරලා දාන්න ඕනෙ. මේ ගෑනි මහ වධයක්. මම ගෝලයො දෙන්නෙක් ලෑස්ති කරන්නම් උඹට තියෙන්නෙ මට ඉන්ෆොමේෂන් ටික දෙන්න.’’
 
 ඉම්රාන් කියූ දෙයින් වසීම් උඩ ගොස් බිම වැටුණේය. ඉම්රාන් අද සිටින තත්ත්වය පිළිබඳව වසීම් හොඳින් දැන සිටි නිසා ඔහුගේ ඉල්ලීම ඉවත දමන්නට නොහැකි විය.
 
‘‘මම උඹට පනස්දාහක් දෙනවා. මේකිව ඉවරයක් කරලා දාන්න හොඳ වෙලාවක් සෙට් කරලා දීපං.’’ ඉම්රාන්ගේ ඉල්ලීමට වසීම් කැමති වුණේය.
 
තම නිවසේ සිටින ඥාති සොහොයුරිය ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වසීම් භාරගත්තේය. එතැන් පටන් වසීම් ඇයගේ ගමන් බිමන් පිළිබඳව වෙනදාට වඩා සොයා බලන්නට වුණේය.
 
ඉම්රාන් අයියා හෙට ෆිනෝසයි ගෙදර අයයි විහාරමහාදේවි පාර්ක් එකට යනවා. එදාට ගෑනිව ඉවරයක් කරලා දාන්න පුළුවන් වෙයි. ෆිනෝසා තම ඥාතීන්ද සමග විහාරමහා දේවි උද්‍යානයේ විනෝදවීමට යද්දී ඇය මරා දැමීමට ඉම්රාන් සැලසුම් කළේය. එහෙත් එදින සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණේ නැත.
අගෝස්තු 26 වැනිදා රාත්‍රියේ ෆිනෝසා ඝාතනය කිරීමට සැලසුම් සකස් කළේ ඉන් පසුවය. වසීම් තම මිතුරකු ද ඔත්තු බැලීමේ කාර්ය සඳහා සම්බන්ධ කරගත්තේය.
 
ෆිනෝසා කිසියම් අවශ්‍යතාවක් සඳහා නිවසින් බැහැරට ගොස් නැවත මාලිගාවත්තට එන්නේ රාත්‍රිය උදාවීමෙන් පසුවය. වසීම් ලබාදුන් තොරතුරු අනුව කුලී ඝාතකයන් දෙදෙනා යතුරුපැදියක නැගී සූදානමින් සිටියහ.
 
එදින රාත්‍රිය මහා මූසල එකක් විය. තමන් ඝාතනය කිරීමට තම නිත්‍යානුකූල සැමියා වන කන්චිපාන ඉම්රාන් සැලසුම් කරගෙන සිටින බව නොදත් ෆිනෝසා මාලිගාවත්තට ආවේ නිවස බලා යෑමේ අරමුණෙන්ය. එහෙත් මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් ප්‍රදේශය පසුකර යන්නට ෆිනෝසාට ඉඩක් ලැබුණේ නැත. කුලී ඝාතකයන් දෙදෙනා ඇය පසුපස ගොස් වෙඩි වරුසාවක් එල්ල කළහ.
 
ෆිනෝසා අවසන් ගමන් යන්නේ මාලිගාවත්ත නැවතත් ගිණිගොඩක් බවට පත්කරමින්ය.
 
තම බිරිඳ ඝාතනයට ලක්වූ බව ඇසීමෙන් වඩාත් සතුටු වුණේ ඉම්රාන්ය. බිරිඳ ඝාතනය කිරීමට මෙන්ම මාලිගාවත්තේ තම පාතාල බලය පෙන්වීමේ අවශ්‍යතාවද ඉම්රාන්ට තිබිණි.
 
ඔත්තු බැලීම වෙනුවෙන් වසීම්ට පොරොන්දු වූ රුපියල් පනස්දහසක මුදල ෆිනෝසා ඝාතනය වී දින දෙකක් ගතවන්නට පෙර ඔහුට ලැබිණි.
 
ඩ්‍රොප් මී වාහන කුලියට ලබාදෙන ආයතනයේ හිමිකරු වූ රිස්කොන් මධුෂ්ගේ මෙන්ම කන්චිපාන ඉම්රාන්ගේ ද සමීපතම මිතුරෙකි. ඩ්‍රොප් මී ආයතනය වෙත මධුෂ් මෙන්ම ඉම්රාන් ද රුපියල් කෝටි ගණනක මුදල් ආයෝජනය කර තිබිණි.
 
කඩුවෙල පාතාලය විසින් රිස්කාන් ඝාතනය කරන්නේ මධුෂ්ගෙන් පළි ගැනීමටය. රිස්කාන් ඝාතනයට එකට එක කිරීමක් ලෙස කොස් මල්ලී මරා දමා ඔහුගේ හිස අලූත්කඬේ අධිකරණය ආසන්නයට ගෙනැවිත් දමන්නේ මධුෂ්ගේ නියෝග මතය.
 
මේ ඝාතනය පිටුපස ද ඉම්රාන් සිටියේය. තම සමීපතම මිතුරා වූ රිස්කාන් ඝාතනයේ පළිය මොවුන් ගනු ලැබුවේ ඒ ආකාරයටය.
 
මේ අතර බයියා විසින් මෙහෙයවූ කුඩු පාතාලය සෑහෙන දුරට හිස ඔසවමින් තිබුණේය.
 
බයියාට ඕනවට වඩා නටන්න දුන්නොත් අපිට උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ ඒ නිසා බයියගෙ උන්ට වැඩක් දෙන්න ඕනෙ.
 
බයියාගේ කුඩු ජාලයේ සාමාජිකයන් සොයා ඔවුන් ඝාතනය කිරීමට කන්චිපාන ඉම්රාන් සිය සගයන්ට උපදෙස් දුන්නේය. කන්චිපාන ඉම්රාන් අතදිගහැර මුදල් වියදම් කරන නිසා මේ මැරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට මාලිගාවත්තේ පාතාල හෙන්චයියන් සැදී පැහැදී සිටිති.
 
කුඩු පැකට්ටුව, රුපියල් පන්දහසට මිනිසුන් ඝාතනය කිරීමට තරම් පහත් තත්ත්වයකට මේ පාතාල වසලයන් පත්ව සිටිති. වලව්වත්තේ රිස්වාන් බයියාගේ කුඩු ජාලයේ ප්‍රධානියෙකි. ඉම්රාන්ගේ ගෝලබාලයන් රිස්වාන් හෝ ඔහුගේ ගෝලයකු මරා දැමීමට මානබලමින් සිටියහ. පසුගිය 12 වැනිදා රාත්‍රිය මාලිගාවත්ත ප්‍රදේශය නැවතත් උණුසුම් වුණේය.
 
වලව්වත්තේ රිස්වාන්ගේ මස්සිනා මාලිගාවත්ත ප්‍රදේශයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි ඉම්රාන්ගේ ගෝලයන් ඔහුට වෙඩි තැබුවෝය.
 
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවද ඔහුට තවදුරටත් ජීවත් වීමේ වාසනාව උරුමව තිබුණේය.
 
මාලිගාවත්ත කොටහේන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙන භයානක තත්ත්වය පිළිබඳව මෙරට පොලිසියට හෝ රජයට ඒ තරම් බරක්පතලක් නැත.
 
මරාගන්නේ පාතාලයේ කාලකණ්ණින් යැයි කියා නිසොල්මනේ සිටීම බරපතළ තත්ත්වයකි.
 
මේ පාතාල නරුමයන් සිදුකරන අපරාධවලින් රටේ ජාතික ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්‍ෂාවට ද එල්ල වී තිබෙන්නේ බරපතළ තර්ජනයකි.
 
පාතාල ක්‍රියාකාරකම් දිනෙන් දිනම ඉහළ යද්දී විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනයට දෙවරක් සිතා බලති. එනේම මේ ආකාරයට පාතාල සන්නද්ධවීම නිසා රටේ ජනතාවට අද ආරක්‍ෂාවක් නැත. නීතිගරුක පුරවැසියන්ට නිදහසේ ගමන් බිමන් යෑමට නිදහසේ ව්‍යාපාරයක් කරගෙන ජීවත් වීමේ හැකියාවක් නැත.
 
පොලිසියට අද සිදුව ඇත්තේ භාවනානුයෝගීව රාජකාරි කිරීමටය. පාතාල මැරයන්ට ආයුධ පෙන්වීමට රැගෙන ගිය කාලයේ මොවුන් මේ තරම් දරුණු වුණේ නැත. මරණයේ අමිහිරි අත්දැකීම පාතාල මැරයන්ට ලබා නොදෙන තාක්කල් මොවුන් මර්දනය කළ නොහැක.
පාතාල නායකයන්ගේ අලූත්ම ක්‍රියාපිළිවෙත වන්නේ වෙනත් රටකට පැන ගොස් එහි සුඛෝපභෝගී ජීවිත ගත කරමින් මෙරට පාතාලය මෙහෙය වීමය.
 
මේ වන විට රටේ නමගිය අපරාධකාරයන් බහුතරයක් සිටින්නේ පිටරටවලය. මාකඳුරේ මධුෂ්, කන්චිපාන ඉම්රාන්, කොස්ගොඩ සුජී. මාලිගාවත්තේ බයියා, රත්ගම නදුන්, අංගොඩ ලොක්කා ලසියා කෙසෙල්වත්තේ දිනුක වැනි පාතාල නරුමයන් විදේශගතව සිට මෙරට පාතාලය මෙහෙයවති.
මේ පාතාල මැරයන්ගේ මෙහෙයවීම මත මෙරට අපරාධ සිදුවන බව මුළු රටම දැන සිටිති. අපරාධයක් සිදුවූ කල ඊට සම්බන්ධ මෙරට සිටින අපරාධකරුවන් සියලූ දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුබට වන්නේ නැත. එහෙත් පොලිසියේ මේ ක්‍රියාවලිය සාර්ථක නොවන බව පැහැදිලිය.
 
පාතාලය මෙහෙයවන මහ මොළකාරයන් එක්කෝ විනාශ කර දැමිය යුතුය. නැත්නම් උන් අල්ලා සිරගත කළ යුතුය. ඒ දෙය කරන තාක්කල් දිනෙන් දින රට පුරා සිදුවන පාතාල මිනිමැරුම් මර්දනය කළ නොහැක. හෙරොයින් ජාවාරම නතර කළ නොහැක.
විදේශගතව සැඟවී සිටිනා මේ පාතාල මැරයන් අල්ලා ගැනීමට මේ වනතුරු නිසි ක්‍රමවේදයක් හොයාගැනීම පිළිබඳව පොලිස්පතිවරයා වගකිව යුතුය. බුද්ධි අංශවලට ද ඒ සඳහා ඇත්තේ අති විශාල වගකීමකි.
 
එහෙත් අද සිදු නොවන්නේ ඒ දෙයමය. ඉහළ පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයන් සතුටු කිරීමේ වගකීම දැඩිව තිබෙයි. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පසුපස ගොස් සිටගෙන සිට ලකුණු දමා ගැනීමේ වගකීම ඉහළ පොලිස් නිලධාරීන් කළ යුතුය.
 
රටේ ආරක්‍ෂාව ගැන පොලිසියේ වගකීම ගැන මේ නිලධාරීන්ට තුට්ටුවක ගණනක් නැත. අද පාතාලය කොයිතරම් හිස ඔසවා තිබෙනවාද කියතොත් ඒ පාතාල කාලකණ්ණින් පොලිස් නිලධාරීන්ට පවා එළිපිටම තර්ජනය කරන තත්ත්වයකට පත්ව සිටිති.
 
ඊට හොඳම උදාහරණය වන්නේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් පිළියන්දලට ගෙන්වා ඔවුන්ට වෙඩි තබා ඝාතනයට තැත් කිරීමය. මේ ප්‍රහාරය එල්ල කළේ මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන්ය.
 
මාලිගාවත්ත ප්‍රදේශයේ අද පොලිස් නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් තිබෙයි. කන්චිපාන ඉම්රාන් මාකඳුරේ මධුෂ් කෙසෙල්වත්තේ දිනුක වැනි පාතාල මැරයන් පොලිස් නිලධාරීන්ගේ ජංගම දුරකථනවලට ඇමතුම් දී ඔවුන්ට තර්ජනය කරන තත්ත්වයක් උදාවී තිබෙයි.
 
මීට දින කීපයකට උඩදී එක්තරා උසස් නිලධාරියෙක් ඇතුළු පොලිස් නිලධාරීන් මාලිගාවත්ත ප්‍රදේශයේ නිවාස කීපයක් පරීක්‍ෂා කළේ හෙරොයින් තිබෙන බවට ලැබුණු තොරතුරක් මතය.
 
ඒ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් තිබියදී උසස් නිලධාරියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඇමතුම ලබා දුන්නේ කන්චිපාන ඉම්රාන්ය.
 
 ‘‘සර්... අපේ කොල්ලන්ගෙ ගෙවල්වලට පැනලා නිකන් සෝබන දාන්න එපා සර්ලා හොයන කොල්ලා මේ දවස්වල ඉන්නෙ ඉන්දියාවෙ. ඌ ලංකාවට ආවිට ඉදිරිපත් කරන්නම්. එතකල් සර්ලා නිකන් සෙල්ලං දාන්නෙ නැතිව ගෙවල්වල මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න. එහෙම නොකළොත් අන්තිමේදී අපි නරක මිනිස්සු කියන්න එපා. කන්චිපාන ඉම්රාන්ගේ තර්ජනයෙන් උසස් පොලිස් නිලධාරියා තිගැස්සුණේය. මෙහෙයුම් එතැනින් නතර විය.
 
අහක යන කුණුගොඩවල් ඇෙඟ් දමාගෙන ඉල්ලාගෙන කෑමට අකමැති වූ පොලිස් නිලධාරියා මෙහෙයුම නතර කර ආපසු ගියේය.
අද උදාවී තිබෙන්නේ මෙවැනි තත්ත්වයකි. එය තේරුම් ගැනීමට වර්තමාන රජයටවත් පොලිස්පතිවරයාටවත් නොහැකි වීම කනගාටුවට කරුණකි.
 
මෙසේ ගොඩනැගෙමින් තිබෙන පාතාල බලය මර්දනය කිරීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකළහොත් හෙට දිනයේ නිදහසේ පාරේ බැස යෑමට නොහැකි තත්ත්වයක් උදාවනු නොවනුමානය.
 
එවිට ඇතිවන්නේ එල්ටීටීඊය කොළඹට ගැහුවාට වඩා භයානක තත්ත්වයකි. පාතාලය සතුව අද ඕනෑ තරම් ආයුධ තිබෙයි. ඔවුන් රිසිසේ ඒ ආයුධවලින් අපරාධ සිදු කරති.
 
මොන තරම් හෙරොයින් වැටලීම් කළ ද මොනතරම් හෙරොයින් අත්අඩංගුවට ගත්ත ද රටේ සැරිසරණ හෙරොයින් අංශුමාත්‍රයක්වත් අඩු වී නැත. මීට වසර තුන හතරකට උඩදී රුපියල් දොළොස් දහසක් දාහතර දහසක් අතර මිලකට අලෙවි වූ හෙරොයින් ග්‍රෑමය අද වන විට රුපියල් අටදහසක් නවදහසක් අතර ප්‍රමාණයකට පහත වැටී තිබෙයි.
 
එයින් පෙනී යන්නේ හෙරොයින් රට පුරා සුලභවී ඇති බවය. හෙරොයින් හිඟයක් තිබෙයි නම් එහි මිල ඉහළ යන්නේය. එහෙත් දිනෙන් දින හෙරොයින් මිල පහත වැටෙන්නේ ඉල්ලූමමටත් වඩා හෙරොයින් සැපයීමක් තිබෙන නිසාය.
 
මේ යථාර්ථය පොලිස් ලොක්කන් තේරුම්ගත යුතුය. සතියකට දෙකකට වතාවක් රටේ පොලිසිය යොදාගෙන මහමග ගමන් කරන පුද්ගලයන් පරීක්‍ෂා කර වරෙන්තුකරුවන්, බීමත් රියැදුරන් සැකකරුවන් දහස් ගණනින් අල්ලාගෙන ඔවුන් කූඩු කිරීමෙන් පලක් නැත.
 
රටේ සංවිධානාත්මක අපරාධ මර්දනයට නිවැරැදි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. භාවනා කිරීමෙන් පංචශීලය අනුගමනය කිරීමෙන් රටේ සංවිධානාත්මක අපරාධ මර්දනය කළ නොහැකි බව තේරුම් ගත යුතුය. එසේ නොකරන්නේ නම් රටේ සාමාන්‍ය ජනතාවට දෙවියන්ගේ සරණ හැරෙන්නට වෙනත් පිළිසරණක් නොමැත.
 
සති අන්ත පුවත්පතක පළවූ ලිපියකි  - හේමන්ත රන්දුණු
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top