Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
"එයාට මාව නඩත්තු කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ,මම තමයි එයාගෙන් යාළුවෙන්න ඇහුවේ.." - සැක්සෆෝන් වාදකයෙක් ළග උදාරිගේ ආදරේ නතර වුනු හැටි

- "එයාට මාව නඩත්තු කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ,මම තමයි එයාගෙන් යාළුවෙන්න ඇහුවේ.." - සැක්සෆෝන් වාදකයෙක් ළග උදාරිගේ ආදරේ නතර වුනු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"එයා මුද්දක් දීලා මහ සෙනගක් ඉදිරියේ මගේ ළග දණ ගහලා ආදරය ප්‍රකාශ කළා.."

"එයා කොළඹ කොල්ලෙක්, මම ගමේ කෙල්ලෙක් තාත්තා කැමති වුණේම නැහැ.."

ආදරණිය පුංචි දියණියකට අම්මා කෙනෙක් වුණත් ඇය තවමත් තරුණයන්ගෙන් ආකර්ෂණය ලබන නිළියක්. ලස්සන රූපයක් තියෙන උදාරි වර්ණකුලසුරිය ආදරේ ගැන දැන් කතා කරනවා. ඇය ආදරේ ප්‍රකාශ කළ තරුණයා ගැන හා ආදරේ ගැන උදාරි කියන්නේ මෙහෙමයි


ඉස්කෝලේ කාලේ උදාරි දගකාරකම් වලිනුත් පිරුණු ළමයෙක්ලූ නේද ?
ඔව්. මම හරියට දගකාරකම් කරලා තියෙනවා. මම ගිය බයෝ පන්තියක පිරිමි ළමයෙක් හිටියා එයා හරිම හුරුබුහුටියි. අපේ පන්තියේ ගැහැණු ළමයි එයා ගැන හිතාගෙන හිටියා. මම එයාගේ ඇල්ම බැල්ම මාවෙත යොමුකර ගත්තා. මම ඒකාලේ ටික්ටැක් කනවා. මාව අනුකරණය කරමින් මේ ළමයත් ඒවා කනවා. මේ වැඬේ පන්තියේ ළමයින්ට වදයක් වෙන තරමට දුරදිග ගියා. හැබැයි මං ඒ ළමයට ආදරය කළේ නැහැ. මගේ දගකාරකම නිසා පොඩි විනෝදයක් වින්දා ඒ ළමයාව අවුස්සලා.

උදාරිට ලැබෙන පළමු ආදර ඇරයුම සිහිපත් කරමුද ?
මට පළමුවැනි ආදර ඇරයුම ලැබුණේ ජර්මන් ජාතිකයෙකුගෙන්. එතකොට මට අවුරුදු දාහතරක් විතර ඇති. මම දැනගෙන හිටියේ නැහැ එයා මගෙන් ආදරය කරන්න ඇහුවා කියලවත්.

ඒ කියන්නේ ?
අපේ අම්මයි තාත්තයි ඉතාලියේ හිටිය නිසා මගේ නැන්දා මාව ජර්මනියට එක්ක ගියා. ඒ කාලේ නැන්දා හිටියේ ජර්මනියේ. එක දවසක අතරමගදී ජර්මන් තරුණයෙක් මගෙන් මොනවාද ඇහුවා. මම ජර්මන් භාෂාව දන්නේ නැහැනේ. මම කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. හැබැයි ගෙදර ඇවිත් නැන්දට එයා කියපු වචනය කියලා එයා මට කිව්වේ මොකක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ තමයි නැන්දා කිව්වේ එයා මගෙන් අහලා තියෙන්නේ එයා එක්ක යාළුවෙන්න කැමැතිද කියලයි.

නැවතත් ඔහු ඔබව සොයාගෙන ආවද ?
නැහැ. ඒ දවස්වලම අපේ නැන්දා තීරණය කළා මේ ළමයාව මෙහේ තියාගෙන පරිස්සම් කරන්න බැහැ කියලා. මාව නැවතත් ලංකාවට එවන්න.

උදාරි හා පුරා කියලා පෙම්වතියක් වෙන්නේ ?
මම ඉගෙනගත්තේ ආවේ මරියා කන්‍යාරාමයේ. මම දහයේ වසරේ විතර ඉන්නකොට අපේ ඉස්කෝලේ ගෙට් ටු ගෙදර් එකක් තිබුණා. ඒකට සහෝදර පාසැල්වල ළමයිනුත් සහභාගි වුණා. එදා එතැන හිටිය ගැහැණු ළමයි අතරින් ටීම් ක්වීන් තේරුවා. මට තමයි කිරුළ හිමිවුණේ. දෙවැනි තැන ගත්තේ අපේ සහෝදර පාසලක සිසුවියක් වූ ශලනි තාරකා. එදා අපිට කිරුළ පළදන්නට ඇවිත් හිටියේ කාංචනා මෙන්ඩිස් අක්කා. එතැනදී මාව දැක්ක මගේ යෙහෙළියකගේ හිතවත් පවුලක පිරිමි ළමයෙක් මට ආදරය ප්‍රකාශ කළා.

පෙරළා ඔබේත් කැමැත්ත ප්‍රකාශ වුණාද ?
ඒක හරිම අපූරු කතාවක්. ඒ පිරිමි ළමයාගේ අම්මයි තාත්තයි සිංහල වුණාට එයාල පදිංචි වෙලා හිටියේ ඇමෙරිකාවේ. මේ ළමය සිංහල කතා කරන්න දන්නේ නැහැ. ලංකාවේ විදිහට ආදරය ප්‍රකාශ කරන්න දැනගෙන හිටියෙත් නැහැ. එයා කහපාට ලොකු ගලක් ඇල්ලූව මුද්දක් මට දීලා මහ සෙනගක් ඉදිරියේ මගේ ඉස්සරහ දණ ගහලා එයාගේ ආදරය ප්‍රකාශ කළා ආදර කතාව පටන් ගත්තට වැඩිදුර ගියේ නැහැ.

මේ වෙද්දි උදාරිගේ සැමියා වන සුජිත්ගේ ආදරය ලැබෙන්නේ කවදාද? කොතැනකදී ද ?
මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙන කාලේ මට මියුසික් විඩියෝ එකකට පෙනීසිටින්න අවස්ථාවක් ලැබුණා. එම ගීත විඩියෝවේ සැක්සෆෝන් වාදනය කරන්න ඇවිත් හිටිය තරුණයට මම ආදරෙයි කිව්වා. ඒ තමයි සුජිත්.

මේ ආදර කතාවට ඉස්සර වෙන්නේ ඔබ ?
ඔව්. මම තමයි එයාගෙන් යාළුවෙන්න අහන්නේ. මම කවදත් හරිම දගකෙල්ලක්. එහෙම දේකට ඉස්සර වෙන්න තරම් දගකාරකමක් මා ළග තිබුණා. සුජිත් මට කැමැත්තෙන් හිටියා කියලා මම දැනගෙන හිටියා. එයා හරිම තැන්පත් කෙනෙක් එයා මේ ආදර කතාව ඉබේම ගොඩනැගෙන තුරුයි බලාගෙන ඉදලා තියෙන්නේ.

අනාගත වෛද්‍යවරයෙකුට දුව දෙන්න තාත්තයි අම්මයි කැමැති වෙන්න ඇතිනේ ?
අපෝ නැහැ. මේක නවත්වන්න කියලා අපේ තාත්ති මට දඩුවම් කරලත් තියෙනවා. ඒ කාලේ සුජිත් වෛද්‍ය ශිෂ්‍යයෙක්. එයාට මාව නඩත්තු කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එයාල බෞද්ධ. අපි කතෝලික. අනික මම ගමේ කෙල්ලක්. එයා කොළඹ කොල්ලෙක්. ඔය හේතු මත තාත්තා කැමැති වුණේ නැහැ.

දෙමව්පියන්ගේ අකමැත්තෙන්ද උදාරි විවාහ වෙන්න තීරණය කරන්නේ ?
ගෙදරින් අකමැති වුණාට මම සුජිත්ට ආදරය කරන එක නැවැත්තුවේ නැහැ. ඒ නිසා අන්තිමට තාත්තාගේ කැමැත්ත ලැබුණා. පස්සේ සුජිත් වෛද්‍යවරයෙක් විදිහට පළමු පත්වීම ලබන්නේ සිංගප්පූරුවේ රෝහලකට. එයා රට යන්න සූදානම් වෙද්දි මම කිව්වා මටත් යන්න ඕනෑ කියලා. අපේ ගෙදරින් කැමැති වුණේ නැහැ අපි විවාහ නොවී එහෙම ගමනක් යනවාට. ඒ නිසා මාස දෙකක් වගේ කෙටි කාලයකින් අපේ විවාහයේ කටයුතු සූදානම් කෙරුණා. ඉතින් අපි විවාහ වෙලා සිංගප්පූරුවට ගියා.

උදාරි බිරිදක් වු පසුවද නිළියක් වෙන්නේ ?
ඔව්. මම නිළියක් විදිහට ජනප්‍රිය වෙද්දි මම විවාහ වෙලා හිටියේ. අවුරුදු විස්ස වෙද්දි මම විවාහ වෙනවා. ඒ එක්කම තමයි උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ පායා එන්න හිරු සේ චිත්‍රපටයේ රගපාන්න ආරාධනාවක් ලැබෙන්නේ.

අදටත් විවාහ කෙනෙක් වුවත් උදාරිගේ ආදරය පතන අය ඉන්නවා නේද ?
ඔව්. ගොඩක් අය මට ආදරය කරනවා. ඒ ආදරය මම විවාහකයිද නැතිද කියල ඇතිවෙන ආදරයක් නෙමෙයි. ඒ ප්‍රේක්ෂකත්වය.

උදාරිව පෙම්වතිය කරගන්න පෙරුම් පුරන අයත් මේ අතර ඉන්නවා නේද ?
එහෙම ආදරය කරන අය හමුවෙලා තියෙනවා. ඒ දේවල් දිහා මම උපේක්ෂාවෙන් බලන්නේ. මම දන්නවා මම කවුද කියලා. බිරිදක් මවක් විදිහට මගේ වගකීම හදුනාගෙන ඉන්නේ. ඒ වගේම මගේ පවුලේ ගෞරවය ගැන හිතලා ජීවත් වෙන්න මම දන්නවා..

ධම්මිකා සුරංජි පතිරණ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top