Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
ශ්‍රී ලංකන් ගේල් දසුන් ශානක යලිත් දරුණු වෙයි, පිටිය දෙවනත් කරමින් හතරේ හයේ වැස්සකින් ශතකයට -Video & Photo

- ශ්‍රී ලංකන් ගේල් දසුන් ශානක යලිත් දරුණු වෙයි, පිටිය දෙවනත් කරමින් හතරේ හයේ වැස්සකින් ශතකයට -Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views

ශානක තරඟාවලියේ හොදම පිතිකරුව බවට පත්වෙයි
මැතිව්ස් යලි සුපුරුදු රිද්මයට

දසුන් ශානකගේ (නොදැවී 105) විශිෂ්ට ඉනිම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (30) පැවැති දිවා තරගයේදී මහනුවර පිල කඩුලු 5 කින් ගාල්ල පිල පරාජය කළේය.

මෙහිදී මහනුවර පිල දෙවැනි ජය ලැබූව පළමු තරග හතරම පරාජය වීමෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව මීට පෙරම අහිමිව තිබුණි. මහනුවර පිලේ ප්‍රබල ක්‍රීඩකයන් වන නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ආරම්භක තරගවලට සහභාගි නොවීම දැඩි පාඩුවක් බවට පත්විය.

ගාල්ල පිල මෙම තරගයෙන් පරාජයට පත්වීමත් සමඟ අවසන් තරගයට පැමිණීමට තබා තිබූ බලාපොරොත්තු සුන්විය. කොළඹ පිල සහ දඹුල්ල පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.


දසුන් ශානක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 52 කින් නොදැවී ලකුණු 105 ක් රැස් කළේය. දසුන්ගේ අනගි ඉනිමට හතරේ පහර 13 ක් සහ හයේ පහර 5 කින් වර්ණවත් වූ අතර එම හයේ පහර කීපයක්ම ප්‍රේක්‍ෂකාගාරවලට පතිත වීම කැපී පෙනුණි.

නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක තෙවැනි කඩුල්ලට පන්දු 73 කින් ලකුණු 134 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට පහසු මාර්ගයක් විවෘත කළහ.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38 කින් ලකුණු 46 ක් රැස් කළේය. මැතිව්ස් ලකුණු 39 ක් ජෙහාන් ඩැනියල්ගේ පන්දුවකට ලබාදුන් උඩ පන්දුව ප්‍රභාත් ජයසූරිය වෙතින් ගිලිහී ගියේය.

ධනංජය සිල්වා දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ළහිරු තිරිමාන්න (04) පිටියෙන් ඉවත්කරමින් පන්දු හතරක් තුළදී දෙවැනි කඩුල්ලත් දවාගත්තේය. කුසල් පෙරේරා ලකුණු 9 ක් පමණක් රැස්කර සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී යෑම ගාල්ල පිලට ප්‍රසාද දීමනාවක් බඳු විය.

ඇන්ජලෝ පෙරේරා (47) සහ අසේල ගුණරත්න (නොදැවී 46) පස්වැනි කඩුල්ලට පන්දු 73 කින් ගොඩනැගූ ලකුණු 107 සම්බන්ධතාවත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ගාල්ල පිල නැවතත් හිස එසවීය.

අසේල ගුණරත්න පන්දු 41 කදී නොදැවී ලකුණු 46 ක් රැස්කළේය. අසේලගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ඇන්ජලෝ පෙරේරා අවස්ථානුකූල ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 36 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සමත් විය.

මෙහිදී ලසිත් මාලිංග යැවූ ඕවර හතරට ලකුණු 52 ක් රැස්කිරීමට ගාල්ල පිලේ පිතිකරුවෝ සමත් වූහ. මාලිංග ඇන්ජලෝ පෙරේරාගේ කඩුල්ල පමණක් දවා ගත්තේය.
මාලිංග මෙම තරගාවලියේ තරග හයේදී ඕවර 24 ක් යවමින් ලකුණු 207 කට කඩුලු 3 ක් පමණක් දවාගත්තේය. 

චරිත් අසලංක අනගි පන්දු යැවීමක නිරත වෙමින් පන්දු 11 ක් තුළදී කඩුලු හතරක් දවා ගැනීමෙන් ගාල්ල ඉනිම තරමක් අඩපණ විය. චරිත් ඕවර තුනකදී ලකුණු 14 කට කඩුලු 4 ක් දවාගත් අතර ඔහුට සිවුවැනි ඕවරය යෑවීම කැඳවීම් නොලැබීම කැපී පෙනුණි.

කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරමින් පන්දු 17 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය. 

චරිත් අසලංක කඩුල්ල තුළට දඟ කැවීමට යැවූ පන්දුව දිමුත් කරුණාරත්නගේ (04) පා ආවරණයේ වැදීමත් සමඟ පන්දු හතරක් තුළ දෙවැනි කඩුල්ලත් බිඳ වැටුණි.

ළහිරු මිලන්ත ඉදිරියට පැමිණ පහරක් ගැසීමට ගත් උත්සහයේදී දැවී ගියේය. මිලන්ත ඒ වන විට පන්දු පන්දු 14 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 24 ක් ලබා සිටියේය. 
කුසල් සහ මිලන්ත තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී හෙවත් පන්දු 17 කින් ලකුණු පුවරුවට ලකුණු 50 ක් එකතු කිරීමට සමත් වූහ.

කුසල් මෙන්ඩිස් පළමු ඕවරයේදීම වේගවත් පිතිහරඹයකට අවතීරණ වෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 17 ක් රැස්කිරීමට සමත් විය.

ගාල්ල පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins
මෙන්න බලන්න තවත් ගොසිප්



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top