Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
“තුවාලයේ දැඩි වේදනාව අඩු කරගන්න හොඬයෙන් වතුර අරන් තුවාලය තෙත් කරගන්නවා ඇරෙන්න කලණට වෙන කිසිවක් ඉතිරි වී තිබුනේ නෑ..“ - දෙවිනුවර දේවාලයේ ගැට ගසා සිටි කලණ ඇතාගේ කඳුළු කතාව - Video & Photos

- “තුවාලයේ දැඩි වේදනාව අඩු කරගන්න හොඬයෙන් වතුර අරන් තුවාලය තෙත් කරගන්නවා ඇරෙන්න කලණට වෙන කිසිවක් ඉතිරි වී තිබුනේ නෑ..“ - දෙවිනුවර දේවාලයේ ගැට ගසා සිටි කලණ ඇතාගේ කඳුළු කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

හොඬයෙන් පොල්අතු කැබැල්ලක්‌ ගෙන මැස්‌සන් එලවීම හැර වෙන කිසිවක් කරන්න කලණට නොහැකි වුණා..
වේදනාව සමනය කර දෙන්නට කලණ මිතුරෙකු නොමැති වූ කලණ ඉතා අසරණ වුණා..
 
දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් පාදයට ඇති වූ තුවාල නිසා පීඩා විදින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියා පිළිබඳව පසුගිය දිනවල මුළු රටේම අවධානය යොමුවුණා. එම හස්තියා සම්බන්ධයෙන් සැලකිලිමත් නොවූ හස්තියාගේ භාරකරුවන් ද ඉකුත් දා අත්අඩංගුවට පත්වුණේ ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ගන්දර පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුවයි. මේ එම කලණ හස්තියාගේ කඳුළු කතාවයි.


ඓතිහාසික වැදගත් කමකින් යුතු දෙස්‌ විදෙස්‌ බැතිමතුන්ගේ නමස්‌කාරය ලබන දෙවිනුවර ශ්‍රී විෂ්ණු උත්පල වර්ණ දේව මන්දිරය හැමගේම භක්‌ත්‍යාදරයට ලක්‌ව තිබෙන පූජනීය ස්‌ථානයකි. ලංකාවේ පෙරහැර වල ගමන් කරන ලොකුම හස්‌තීන් සිව් දෙනාගෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාරත්වය ඇතිව වෙසෙන කලණ ද ඉන් එක්‌ කෙනෙකු වීමද විශේෂත්වයකි.

කලණ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාරත්වයට පත්වන්නේ 1989 වසරේදීය. එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී විෂ්ණු මහා දේවාලයට මෙම කලණ අලි පැටියා පූජා කර භාරකාරත්වය පවරාදීම සිදුකළේය. අලි පැටියාගේ නඩත්තුව සඳහා රදම්පල ප්‍රදේශයෙන් අක්‌කර 25 ක පොල් ඉඩමක්‌ ද පූජා කළේය. ඉන් අක්‌කර 5 ක්‌ විහාරස්‌ථානයේ නඩත්තුවට විය. මෙය දෙවිනුවර රජමහා විහාරාධිපති ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ අනුනායක දෙවිනුවර සිරි සුනන්ද හිමියන්ගේ ඉල්ලීමක ප්‍රතිඵලයක්‌ ද විය.

දේවාල භූමියේ කෙළිදෙලෙන් හැදුන වැඩුන කලණ කල්යත්ම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වලද ගමන් කරන්නට විය. සුරතල් ගමනින් පරහැරේ ගමන් කරන කලණට ආදරය කළ බැතිමතුන් කළණට බඩපුරා පලතුරුවලින් සංග්‍රහ කළහ.

ටිකෙන් ටික උස්‌ මහත්ව ජවසම්පන්න වන විට අලව්ව ප්‍රදේශයට ගෙන ගොස්‌ බර වැඩ සඳහා යොදා ගැනීම නිසා කලණට අපල කලදසාවක්‌ උදා වූ බවද තතු දන්නා අයෙක්‌ පැවසීය. පසුව බස්‌නායක නිලමේ තනතුරට පත්වූ ඩිෂාන් ගුණසේකර මහතා කලණ ආපසු දේවාල භූමියට ගෙන්නා ගෙන රැක බලාගැනීමට කටයුතු කළේය. දේවාල භූමිය ඉදිරිපිට නාන තටාකයක්‌ද සාදවා අවශ්‍ය පහසුකම් සලසා දී කලණට සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේවාලයට පූජා කළ "ළස¹"ට රිසිසේ සිටීමට සලසන ලදී.

ඇසළ පෙරහැරේ මෙන්ම වෙනත් පෙරහැරවලටද තේජවන්තව සහභාගි වෙමින් සිටි කලණට වසර කීපයක සිටම ඇසළ උත්සව කාලයට මද කිපීම නිසා තරමක්‌ ප්‍රචණ්‌ඩව හැසිරෙන්නට විය. මේ නිසා පෙරහැරවලට කලණ සහභාගි කරගැනීම නතර විය. ඌ මෙල්ල කිරීම සඳහා ඉදිරිපස හා පසු පාද දම්වැල් දමා ගැට ගසන්නට ද විය. වටේටම දැල්වලින් ආවරණය කර තබන්නට වූයේද දැඩි වේදනාවෙන් පෙළෙන කලණ හසුවුණ දෙය විසිකර ඒ අසලින් යන අය දම ගසන බැවිනි. මෙලෙස සෙවණක්‌ නොමැතිව අව්වට වේලෙමින් වැස්‌සට තෙමෙමින් දේවාල භූමිය ඉදිරිපිට එකම ගසක ගැටගසා සිටි කලණට ඉතාමත් පීඩාකාරී දිවියක්‌ ගෙවීමට සිදුවීම ඉතා ඛේදජනක විය. එක දිගටම යකඩ දම්වැලකින් ගැටගසා සිටි අලියාගේ දකුණු පාදය කැපී දම්වැල කකුල ඇතුළටම කිඳාබැස තුවාල සිදුවීම නිසා දැඩි වේදනාවෙන් බොහෝ කලක්‌ දිවි ගෙවන්නට ද සිදුවිය. තුවාලයට මැස්‌සන් කෘමීන් වැසීම නිසා එන්න එන්නම තුවාලය පැතිරීමටද හේතුවිය.

හොඬයෙන් ගන්නා පොල්අතු කැබැල්ලක්‌ ඒ මේ අතට වනමින් මැස්‌සන් එලවීම හැර වෙනත් කිසිවක්‌ කරගන්නට කලණට නොහැකි විය. තුවාලයෙන් මතුවන දැඩි වේදනාව සමනය කර ගත්තේ හොඬයෙන් වතුර ටිකක්‌ ගෙන තුවාලය තෙත් කර ගැනීමෙනි. කලණගේ වේදනාව සමනය කර දෙන්නට කලණ මිතුරෙකු නොමැති වූ කලණ ඉතා අසරණ විය. කලක පටන්ම වේදනාවන් විඳින මෙම හස්‌තියාගේ මුරණ්‌ඩු බව මේ අත්විඳින අසහනය සමඟ මෙයටත් වඩා වැඩිවිය යුතු බව බොහෝ අය පවසති.

දෙවිනුවර රජමහා විහාරයේ භාරකාර සද්ධම්ම වාගීශ්චර බෙරලපනාතර ධීරානන්ද හිමියන් පැවසුවේ වේදනාව මිනිසුන්ට වගේම සතුන්ටත් දැනෙන බවත් මේ සතා මොන තරම් වේදනාවකින් පසුවුණා දැයි සිතාගත හැකි බවත්ය. දේවාලයේ කටයුතු පිළිබඳ විහාරයේ භික්‍ෂූන්ටත් සොයා බැලීමට දේවාලගම් පනතින් ඉඩ ලබා දෙනවා නම් මෙපමණ වින්නැහියක්‌ වන්නේ නැති බව ඒ හිමියෝ පවසති.

ඉකුත් නිකිණි පොහොය දින (25 දා) වනජීවී නිලධාරී කණ්‌ඩායමක්‌ පැමිණ කලණට ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමත් සමඟ එතෙක්‌ අත්විඳි වේදනාව පහවී කිසියම් සහනයක්‌ කලණට ලැබී තිබේ. මේ පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු වනජීවී සංරක්‍ෂණ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රමුඛ වනජීවී නිලධාරීහු පිරිසක්‌ කලණට අත්වී තිබෙන ඉරණම පිළිබඳ සොයා බලන්නට ඉකුත් 27 වැනිදා පස්‌වරුවේ දේවාල භූමියට පැමිණියහ. එතනට පැමිණි ජනතාව ඇමැතිවරයාට පැවසුවේ මෙම අලියා වසර 3 ක්‌ම එකම ගසක ගැටගසා තිබෙන බවයි. ඌට හරියට ආහාර ටිකවත් ලැබෙන්නේ නැති බවයි. වසර තුනකට වැඩි කාලයක්‌ එකම ගසක ගැටගසා කොටුකර සිටින නිසා අලියා මුරණ්‌ඩු වී තිබෙනවා හරියට නාවල නැහැ. මේ ස්‌ථානය පිරිසිදු කරලා නැහැ. දම්වැල් මාරු කර නැහැ. තුවාලවලට ප්‍රතිකාර දීල නැහැ. මේ නිසා බස්‌නායක නිලමේටත් ඔහුගේ ලේකම්ටත් ඇත්ගොව්වාටත් විරුද්ධව ගන්දර පොලිසියේ පැමිණිලි කිරීමට කටයුතු කරන බව ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය. ලේකම් කොළඹගේ මහතාගෙන් මේ ගැන විමසීමේදී පැවසුවේ නිතරම මදකිපී සිටින නිසා අලියා ළඟට කිසිවකුත් යැමට අකැමැති බවත්, නමුත් අවශ්‍ය කෑම ලබා දෙන බවත්ය. අලියාට රැඳී සිටීමට ස්‌ථානයක්‌ හදාගෙන යන බවත් හස්‌තියා ලියාපදිංචි කළේත් මෙම බස්‌නායක නිලමේ බවත් කීය.

මිරිස්‌ස වනජීවී කාර්යාලයේ අඩවි ආරක්‍ෂක නිලධාරී ඒ. ටී. ආර්. රවීන්ද්‍ර මහතා විසින් මේ පිළිබඳව 27 දින ගන්දර පොලිසියට පැමිණිලි කරන ලදී. වහාම ක්‍රියාත්මක වූ ගන්දර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කපිල බණ්‌ඩාර මහතා විසින් බස්‌නායක නිලමේතුමාගේ ලේකම් කොළඹගේ මහතා සහ ඇත්ගොව්වා වන ධනුෂ්ක නමැති අය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පසු එක්‌ පුද්ගලයකුට රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදාහැර ඇත. මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී දැයි සොයා බලා නීතියේ රැහැනට හසුකර ගැනීමට විමර්ශන කටයුතු කරන බව පොලිස්‌ පරීක්‍ෂක කපිල බණ්‌ඩාර මහතා පැවසීය.



 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins
මෙන්න බලන්න තවත් ගොසිප්



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top