ඉතාලියේ මිලාන් නගරයේ උද්‍යානයකදී විදේශීය බාලවයස්කාර දැරියක් දූෂණය කළ බවට සැකපිට 40 හැවිරිදි ලාංකික විවාහකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉකුත් 27 වනදා සවස නගරයේ උද්‍යානයක ලාංකිකයන් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඒ අසළින් ගමන්ගත් එම කොන්ගෝ ජාතික දැරිය සමඟ කතා කර ඇය සමඟ මිතුරු වී ඇයට මෙම අතවරය සිදුකර ඇති බව එරට පොලිසිය පැවසූ බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.
එම දැරිය නිවසට පැමිණීමට පැය කිහිපයක් ප්‍රමාද වීම නිසා ඒ පිළිබඳ සොයා බැලීමේදී ඇය තමන්ට සිදුවූ අතවරය පිළිබඳ දෙම්පියන්ට පැවසීමෙන් පසු ඔවුන් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දී ඇති ලාංකිකයා පවසා ඇත්තේ තමන් ඇය බාලවයස්කාර දැරියක් බව නොසිතූ බවත් එය ඇගේ කැමැත්තෙන් සිදු වූ දෙයක් බවත්ය.
අතරවරයට ලක්වූ කොන්ගෝ ජාතික දැරිය මිලාන් නගරයේ මංජගාලි රෝහලට වෛද්‍ය පරික්ෂණයක් සඳහා ඇතුළත් කර ඇති අතර ඇයට අතවරයක් සිදුවී ඇති බවට වෛද්‍ය වාර්තා අනුව එහිදී තහවුරු වී තිබෙනවා.
සැකකාර ලාංකිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.