Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
28
“මම ආසා කරන වින්දනය ලබා ගන්නේ මෙයාගෙන්.” මත්කුඩු නිසා මියගිය දුෂාන් ප්‍රේතයෙක් වී මිතුරාගේ ඇඟට ඇතුළුවුනු ඇඟ කිළිපොලායන කතාව

- “මම ආසා කරන වින්දනය ලබා ගන්නේ මෙයාගෙන්.” මත්කුඩු නිසා මියගිය දුෂාන් ප්‍රේතයෙක් වී මිතුරාගේ ඇඟට ඇතුළුවුනු ඇඟ කිළිපොලායන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

“බැහැ... බැහැ.... මම ප්‍රියන්තව දාලා යන්නෙ නම් නැහැ”
“අනේ: අම්මේ මට සමාවෙන්න. මාව මේ දුකෙන් ගලවා ගන්න මගෙ අම්මේ...”

මනස උසස් කැර ගැනීමේ හැකියාවෙන් යුක්ත සත්ත්වයා මිනිසා බැවින් ‘මනුස්ස’ නම් වේ. මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, කල්‍යාණ මිත්‍රයන්ගෙන් හා තමන් ජීවත් වන සමාජයෙන්, පොතපතින්, මිනිසා දැනුම වර්ධනය කර ගනී. සීලය, සමාධිය හා ප්‍රඥාව වැඩෙත් ම ඔහු ගේ ඇස වචනයේ පරිසමාප්තයෙන් ම “මනුස්ස” බවට පත් වේ. ලෝභය ද්වේෂය හා මෝහය නිසා ප්‍රාණ්‍යානාදී අකුසල් ගති ඇති වී මනස උසස් කැර ගැනීමේ හැකියාව පිරිහී දුර්වල වී තිරිසන් බවට පත් වේ. එයින් හැඟීම්වලට යටත්වීම නිසා සුරාපානය හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී මිනිසා සතු අලුතෙන් සිතීමේ හැකියාව දුර්වල කැර ගෙන නුවණ පිරිහී මෝහයෙන් අන්ධ වේ. ජීවිතය ද ආර්ථිකය ද සමගිය ද සමාජයේ පිළිගැනීම ද නැති කර ගනී.

සීල, සමාධි, ප්‍රඥා යන කුසල් වැඩෙත් ම, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යන චෛතසික ශක්තීන් චිත්ත සන්තානය තුළ වර්ධනය වන විට මිනිසාගේ ශරීරයෙන් මතු වන ශක්ති කිරණ මිනිසා ට ආධ්‍යාත්මීය ආරක්ෂාවක්, ප්‍රභාස්වරයක් ඇති කරයි. එයට ශක්ති වළල්ල හෙවත් ඕරා යැයි කියති. ඉමක් කොනක් නොපෙනෙන දීර්ඝ වූ අනන්ත වූ සංසාරයේ මේ පොළවට, ගහ කොළට, ඥාති මිත්‍රාදීන්ට ඇල්මෙන් හා ගැටීමෙන් ලෝභා ද්වේෂ මෝහයෙන් මරණයට පත් වූ සත්ත්වයෝ කෝටි ප්‍රකෝටි ගණනින් ප්‍රේතාදි අමනුෂ්‍යයන්ව ඉපද අප වටා ජීවත්වෙති. ඔවුන් අපේ පියවි ඇසට නොපෙනේ. ආදරය හා තරහ වෛර පළිගැනීම් සඳහා ද ජීවත්වන්නට අවශ්‍ය ආහාර සපයා ගැනීම සඳහා ද මේ අමනුෂ්‍යයෝ මිනිසාගේ ශරීර තුළට රිංගා ගැනීමට මාන බලති. මිනිසා ගේ ශක්ති වළල්ල දුර්වල වූ විට කඩතොලු වූ විට ඒ තැන්වලින් ප්‍රේතාදි අමනුෂ්‍යයෝ මිනිස් ශරීරවලට රිංගා ගනිති. ආදරයෙන් හිතවත්කමට ආවත් තරහෙන් පළිගන්නට ආවත් ඔවුන්ගේ සියුම් ශරීර මිනිස් ශරීරවලට අසාත්මික බැවින් ලෙඩ ‍රෝග ඇති කරයි. මරණය පවා ඇති කරයි.


මීට අමතරව පූර්වයෙහි කරන ලද අකුසල කර්ම විපාකවලට ඒ ගනුදෙනු පියවා ගන්නට එන අමනුස්සයෝ මිනිසාගේ කර්ම විපාකයේ බලවත්කම නිසා (ශක්ති වළල්ලෙන් රිංගන්න බැරි අමනුස්සයෝ) නව දොරින් ශරීර වලට රිංගති. මුගලන් මහ තෙරුන් වහන්සේගේ කුස තුළට සුසී නම් මාරයා රිංගා පීඩා ඇති කළේ ඒ අයුරිනි.

කිසි දිනක රහමෙර තොළ නොගෑ අය පවා හිටි හැටියේ මත්පැනට ඇබ්බැහි වන අවස්ථා අපට දැක ගන්නට ඇත. එහි දී ඔහුට දොස් පවරනු පසෙක තබා ඒ ගැන දෙවරක් සිතා සොයා බලන්නට පවුලේ අය කටයුතු කරන්නේ නම් තත්ත්වය දුර දිග නොගොස් නිවැරැදි කැර ගන්නට පුළුවන් වනු ඇත.

පාණදුරේ ප්‍රියන්ත විසි පස් හැවිරිදි තරුණ‍යෙකි. හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ ඔහු එහි ආදීනව දැක ඉන් මිදීමට වුවමනාවක් ඇතත් එය පහසු ව‍ූයේ නැත. පුනරුත්ථාපන කඳවුරුවලට ගොස් ප්‍රතිකාර ගත්තත් ඇබ්බැහිවීමෙන් මිදෙන්නට නොහැකි විය. වෛද්‍ය ප්‍රතිකාරවලින් ද සහනයක් ලැබුණේ නැත.

අවසානයේ ඔහු සිය මව සහ සහෝදරිය සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආවේය. එහි දී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී තමන් පත්ව සිටින තත්ත්වය පැහැදිලි කොට ඉන් මිදෙන්නට අවශ්‍ය බව පැවසීය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ප්‍රියන්ත වෙව්ලන්නට වී අඬන්නට පටන් ගත්තේ ය. ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා ඔවුනට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද ප්‍රියන්ත ගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී අඬන්නට පටන් ගත්තේ ය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ අඬන්නෙ?”
“මම දුෂාන්” යැයි භූතාත්මය උත්තර දුන්නේ ය.
“කවුද දුෂාන් කියන්නේ?”‍
“මේ ප්‍රියන්තගෙ හොඳ ම යාළුවා.”
“ඇයි මේ අඬන්නේ?”
“මහත්මයා මාව පන්නන්න නේද හදන්නේ? මගේ යාළුවා ළඟින් ඉවත් කරන්න නේද හදන්නේ? මම මෙයා දාල යන්න බැරි දුකටයි අඬන්නේ?”
“ඇයි දාල යන්න බැරි?”
“මම ආසා කරන වින්දනය ලබා ගන්නේ මෙයාගෙන්.”
“මොකක්ද ඔය වින්දනය”
“හෙරොයින් සුවඳ. මම හෙරොයින් සුවඳ ආඝ්‍රණයට ආසයි.”
“ඔබ මොනවා වෙලාද මැරුණේ?”
“හෙරොයින් මාත්‍රාව වැඩිවෙලා” යි ප්‍රේතයා කීවේ ය.

එදින පරීක්ෂාව නතර කළ ගවේෂකවරයා ප්‍රියන්තට පියවි සිහිය ලබා දී මේ දුෂාන් කවුදැ යි ඔහුගෙන් විමසුවේ ය.

දුෂාන් තමන්ගේ සමීප මිතුරා ලෙස ආශ්‍රය කළ බවත් ඔහු විකෘති හැඟීම් ඇති අයෙකු බවත්, නිතර හෙරොයින් මිශ්‍ර පෙති පානය කළ බවත්, ඔහු නිසා තමන් ද හෙරොයින් භාවිත කළ බවත්, දුෂාන් හෙරොයින් මාත්‍රාව ඉක්මවා ගැනීම නිසා මරණයට පත් වූ බවත් දැන් නිතර ඔහු හීනෙන් පෙනී සිටිමින් හෙරොයින් පානය සඳහා තමන් පොලඹවන බවත් ප්‍රියන්ත කීවේය.

කෙසේ ‍නමුත් හෙරොයින් පානයට සිතේ තිබුණු කැමැත්ත නැතිවී බෝධි පූජා දින විසි එක පවත්වත්දී හෙරොයින් පානය කරන්නට තමන්ට නොසිතුණ බව ද ප්‍රියන්ත ගවේෂකවරයා සමඟ කීවේ ය.

ගමේ පන්සලට හීල් දානයක් පිරි නමා දුෂාන්ට පින් අනුමෝදන් කරමින් තවත් සතියක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ ය. මේ වන විට ප්‍රියන්තගේ චර්යාවන් සියයට සියයක් ම හොඳ අතට හැරී තිබුණු බැවින් ඔහුගේ මව සහ සහෝදරිය ද ඉතා උනන්දුවෙන් හා කැමැත්තෙන් ආධ්‍යාත්මීය කටයුතුවල යෙදී සිටියහ.

දානය පිරිනමා දුෂාන්ට පින් අනුමෝන් කොට තවත් සතියක් බෝධි පූජා පවත්වා ඔවුහු නැවත පැමිණියහ. එදින ද ප්‍රියන්තගේ ශරීරයට දුෂාන්ගේ භූතාත්මය දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“හොරොයින් පානය නිසා තමන් ගේ වටිනා ජීවිතය අකාලයේ විනාශ වුණා. දැන්වත් ඔය හෙරොයින්වලට ඇති කැමැත්ත අත් හරින්න ඕනෑ. ඔය ඉන්න ප්‍රේතාත්මයෙන් මිදෙන්න කැමති නැද්ද?”

“ප්‍රේතාත්මයෙන් මිදෙන්න නම් කැමතියි. ඒත් හෙරොයින් නැතුව නම් මට ඉන්න බැහැ. මම ඒක නම් අතහරින්නෙ නෑ, කොහොම හරි මම ආයෙත් ප්‍රියන්ත හෙරොයින්වලට පොලඹවනවා.” යි ප්‍රේතයා කීවේය.

මේ ප්‍රේතයා තවමත් හෙරොයින්වලට ම ඇළුණු සිතින් මුදවන්නට අපහසු බැවින් ඔහුගේ සිතුවිලි වෙනස් කරන්නට උපායක් වශයෙන් දුෂාන් මෑණියන් ද කැඳවා ගෙන තවත් සතියකින් එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේ ය.

ඊළඟ දිනයේ දුෂාන් ගේ මව ද කැඳවාගෙන ඔවුහු පැමිණිය හ. එදින ප්‍රියන්තගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගැන් වූ හැටියේ “අනේ මගේ අම්මේ” යි භූතාත්මය වැහුණු ප්‍රියන්ත ඇය බදාගෙන අඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“එදා අම්මලා කියපු දේ ඇහුවා නම් ඔය ප්‍රේත දුක් විඳින්න වෙන්නේ නෑ, දැන්වත් ඔය හෙරොයින් ආසාව අතහරින්න.”

“බැහැ... බැහැ.... මට හෙරොයින් නැතුව ඉන්න බැහැ. මම ප්‍රියන්තව දාලා යන්නෙ නම් නැහැ” යි ප්‍රේතයා කීවේය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවාලන්න විය.

අනේ... පිච්චෙනවා... දැවිල්ලයි... දැවිල්ලයි” ගවේෂකවරයා ප්‍රේතයාගේ දැවිල්ලේ වේදනාව තීව්‍ර කළේය. හෙරොයින් ආසාව අමතක වනතුරු ම වේදනාව වැඩි කළේය. අම්මාට කතා කරන්නට කීවේය.

“මගේ පුතේ! මගේ රත්තරන් පුතාව මනුස්සයෙක් කරන්න මම කොයි තරම් දුක් වින්දද? පුතා ගෙ අකීකරුකම නිසා පුතා අඩු වයසින් මැරුණා. දැන් මම වයස් ගත වෙන ‍කොට මාව බලා ගන්නේ කවුද පුතේ?” යි දුෂාන්ගේ මව අඬමින් කීවා ය.

“අනේ: අම්මේ මට සමාවෙන්න. මාව මේ දුකෙන් ගලවා ගන්න මගෙ අම්මේ...” යි ප්‍රේතයා ද අඬන්නට විය.

තවදුරටත් දවා පුළුස්සා “දැන්වත් තමුන් දුකෙන් නිදහස් වෙන්න. නිවැරදි වෙන්න කැමතිද?” යි ගවේෂකවරයා ඇසීය.

“කැමතියි... කැමතියි... මේ දැවිල්ල මට දරා ගන්න බෑ. මහත්තයා කියන දෙයක් මම කරන්නම්” යැයි ප්‍රේතයා කීවේ ඔහුට හෙරොයින් අමතක විය.

පවුල් දෙකේ ම අය සම්බන්ධ වී දුෂාන්ගේ නිවසේ සාංඝික දානයක් පිරිනමා දුෂාන්ගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කොට පලතුරු වට්ටියක් රැගෙන නැවත එන්නැයි ඔවුන්ට නියම කළේය.

දානය පිරිනමා පැමිණි දින පලතුරු වට්ටියට ප්‍රේතයා සම්බන්ධ කොට ඔවුන් අතම කැලණියට යැව්වේය.

මෙය කියවන ඔබ ද ඔබේ ඥාතිමිත්‍රයන් මතට ඇබ්බැහි වී ඇත්නම් එයට අමනුෂ්‍ය බලපෑමක් ද හේතු විය හැකි බව වටහා දෙන්න.

සති අන්ත පුවත්පතක පළවූ ලිපියකි - මතුගම මහින්ද විජේතිලක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top