Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
23
"ඔයාගෙ උපන් දිනය 1961 ජූලි 12ද? ඔයා හදාගත් ළමයෙක්ද.." - වසර 19 පසුව හමු වූ තුන් නිවුන් සහෝදරයෝ ලොවක් කැළඹු හැටි - Photos

- "ඔයාගෙ උපන් දිනය 1961 ජූලි 12ද? ඔයා හදාගත් ළමයෙක්ද.." - වසර 19 පසුව හමු වූ තුන් නිවුන් සහෝදරයෝ ලොවක් කැළඹු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"අපි පළමු වැනි අවුරුදු දහය ඇතුළත විවිධ මානසික ප්‍රශ්නවලට මුහුණ දුන්නා.."

"ඔවුන් අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කර තිබුණේ .."

ඒ 1980 වසරයි. 19 වැනි වියැති රොබර්ට්, සලිවන් විද්‍යාලයට ඇතුළත් වන පළමු දවසයි. එහි යන ඔහුට මුහුණ පාන්නට වන්නේ නොසිතූ දෙයකටය.

"අපි හිතුවෙ නෑ ආයෙ එයි කියලා. ඔබව සාදරයෙන් පිළිගන්නවා." පිරිමි ළමයින් කිහිප දෙනකු සිනාමුසු මුහුණින් දිව විත් ඔහුට අතට අත දෙමින් ආචාර කළේ කලක සිට දන්නා අයකුට පරිදිය. ගැහැනු ළමයිද ඔහු වෙත හිතවත්කමින් වෙළෙමින් ආදරයෙන් පිළිගත්තේද එසේමය.


"මම අදමයි මේ පාසලට ආවේ. ඒත් මෙයාලා මට කලින් දන්න කෙනකුට වගේ සලකන්නේ." ඔවුන්ගේ මේ හැසිරීම රොබර්ට මහත් පුදුමයකි. ඔහුගේ සාමාන්‍ය නොවූ ප්‍රතිචාරය වටහාගත් එහි සිසුවකු වූ මයිකල් මෙසේ ඇසීය.

"ඔයාගෙ උපන් දිනය 1961 ජූලි 12ද? ඔයා හදාගත් ළමයෙක්ද?"

"ඔව්" රොබර්ට් කුතුහලයෙන් පැවැසීය.

"එහෙනම් ඔයා දන්නෙ නැති වුණාට ඔයාට නිවුන් සහෝදරයෙක් ඉන්නවා." මයිකල් පැවසුවේ අනෙක් අයත් පුදුම කරවමිනි.

සලිවන් විද්‍යාලයේ පසුගිය වසරේ ඉගෙනීම් කළ, බාහිර රූපයෙන් රොබර්ට් වැනිම වූ එඩ්වර්ඩ්, මයිකල්ගේ හොඳම මිතුරෙකි. එඩ්වර්ඩ් ද හදාගත් ළමයකු බව මයිකල් දැන සිටියේය.
"ඉන්න මම දැන්මම කෝල් එකක් ගන්නම්" මයිකල් දුරකථනයෙන් එඩ්වර්ඩ් හා රොබර්ට් සම්බන්ධ කළේය. රොබර්ට්ගේ මහත් පුදුමයට දුරකථනයේ අනිත් කෙළවරින් ගලා ආවේ තමාගේ කටහඬටම සමාන හඬකි. දැන්නම් ඔහුට තම අලුතින් දැන ගත් නිවුන් සහෝදරයා වහාම මුණ ගැසීමට අවශ්‍යය. මයිකල් හා රොබර්ට්  එඩ්වර්ඩ්ගේ නිවෙස කරා ගියේ එදිනමය.

‍ෙදාර හැරිය එඩ්වර්ඩ් තමා ඉදිරියේ සිට ගත්විට රොබර්ට්ට හැඟුණේ තමා තමා දෙසම බලා සිටින බවකි. වටපිටාවේ සියල්ල බොඳ වී මැකී ගොස් රොබර්ට් හා එඩ්වර්ඩ් පමණක් නෙත් අදහාගත නොහී එකිනෙකා දෙස බලා සිටි අපූරු මොහොතකි ඒ.

මේ කතාව එතැනින් අවසන් නොවේ. ක්වීන් විද්‍යාලයේ 19 වැනි වියැති සිසුවකු වූ ඩේවිඩ් පුවත්පතේ පළ වී තිබූ පින්තූරය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේ මේ කුමන අරුමයක් දැයි සිතමිනි. පින්තූරයේ සිටින්නේ තමාගේ රූපයට අතිශයින්ම සමාන වූ තව දෙදෙනෙකි. මෙය විය හැක්කක්ද? ඩේවිඩ්ට ඇති වූයේ මහත් කුතුහලයකි. ඔහු වහාම එඩ්වර්ඩ්ගේ මවට දුරකථන ඇමතුමක් ගත්තේය.

"දෙවියනේ මෙයාලා මේ කොහේ ඉඳලා එනවාද?" ඇයට එකවරම කියැවිණි. වහාම ඔවුන් සොයා ගිය ඩේවිඩ් තමා වැනිම වූ තව දෙදෙනෙකු හමු වීමේ දුර්ලභ අත්දැකීමට මුහුණ දුන්නේ දරා ගත නොහැකි සතුටිනි. එකම ඉරියව්, එකම ආශාවන්, සහිත මේ තිදෙනා පිළිබඳ රසවත් කතාව සියලු මාධ්‍ය ඩැහැගත්තෙන් මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.
අපි දැන් 1980 සිට තවත් වසර 19ක් අතීතයට පියමං කළ යුතුය.

නිව්යෝර්ක් නුවර ග්ලෙන්ඕක්ස් පෙදෙසේ හිල්සයිඩ් රෝහලේ 1961 ජූලි 12 දින දාසය වැනි වියේ පසු වූ අවිවාහක තරුණ මවක් තුන් නිවුන් දරුවන් ප්‍රසූත කළද, ඇයට එම දරුවන් හදා වඩා ගැනීමට පසුබිමක් නොවූ බැවින් දරුවන් හදා වඩා ගැනීමට කැමැති අයට දරුවන් සොයාදෙන ඒජන්සියකට විස්තර ලබා දෙන ලදී. මාස හයකින් දරුවන් තුන්දෙනා හදා වඩා ගැනීමට පවුල් තුනක් සොයා ගත හැකි විය. මොවුන් තුන් නිවුන් දරුවන්ගෙන් කෙනෙක් බව හදාගන්නා මවුපියන්ට නොකීමට ඒජන්සිය වග බලා ගත්තේය. දරුවන් තිදෙනා විවිධ සමාජ තල තුනක මවුපියන්ට භාරදී තිබිණි. එඩ්වර්ඩ් ඉහළ ආර්ථික මට්ටමකින් යුතු පවුලකටද, රොබර්ට් මැද පන්තියේ පවුලකටද, ඩේවිඩ් වැඩ කරන පන්තියේ පවුලකටද භාර කර තිබිණි. කම්කරුවෙක් වූ ඩේවිඩ්ගේ පියා ප්‍රිය මනාප සමාජශීලී අයෙක් වූ අතර ඩේවිඩ් තරමක් නිදහසේ හැදී වැඩිණි. වෛද්‍යවරයකු වූ එඩ්වර්ඩ්ගේ පියා තම දරුවා දැඩි නීති රීති යටතේ හදා ගෙන තිබිණි. රොබර්ට්ගේ පියා ඔහුගේ අමුතු අදහස් යටතේ දරුවා ලොකු මහත් කර තිබිණි.

වසර 19කින් යළි හමුවීමේ, මේ කතාවේ සතුටුදායක පක්ෂය අවසන් වන්නේ එක්තරා මනෝ වෛද්‍යවරයකුට පැරණි ලිය කියවිලි ගොන්නක් හමුවීමෙනි. 1960, 1970 මනෝ විද්‍යා පරීක්ෂණ වැහි වැසි සමයකි. එහිදී හෙළි වූයේ මෙම දරුවන් වෙන් කර ඇත්තේ සිතා මතා පරීක්ෂණයක් කිරීමට බවය.

දරුවන් හදාගත් මවුවරු තිදෙනාටම කීමට තිබුණේ එකම කතාවකි. දරුවන් තිදෙනාම ළමා කාලයේ යම් ආතතියකින් මෙන් තොටිල්ලේ හිස ගසා ගත් බව ඔවුහු පැවසූහ. එකිනෙකාගෙන් වෙන් වීම ඒ පුංචි හිත්වලට දැනුණාද?

"අප පළමු වැනි අවුරුදු දහය ඇතුළත විවිධ මානසික ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බව ඔවුන් වටහා ගෙන තිබුණා. ඔවුන් ඒ වෙද්දී හරි අපව නැවත එක් කළ යුතුව තිබුණා. අපට ඒ ගැන සිතෙද්දී ඇති වන්නේ දැඩි කෝපයක්. ඔවුන් ජීවිතත් සමඟ සෙල්ලම් කොට තිබුණා. අවසානයේ පරීක්ෂණය අත්හැර දැම්මා. අප විඳි වේදනාවෙන් කිසිවකුටත් වැඩක් වූයේ නෑ." එඩ්වර්ඩ් පවසන්නේ නිවුන් දරුවන් මෙසේ වෙන් කර හැදීම කුමන තත්ත්වයක් යටතේ වත් අනුමත නොකළ හැකි බවකි.

ඔවුන්ගේ කතා පුවත රැගත් Three Identical Strangers (සමාන අමුත්තෝ තිදෙනෙක්) නමින් සිනමා පටියක්ද නිෂ්පාදනය විය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top