ආදරේට හාදුවක් තරම්, ලෝකෙම නෑ උතුම් වෙන දෙයක් කියලා තමයි දන්න කාලේ ඉඳන්ම කියන්නේ. ඒත් දැන් ඒ කතාව වෙනස් වෙලාලු. ඒ කියන්නේ හාදු දෙන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලයි නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් අනාවරණය කරලා තියෙන්නේ.
ඔවුන් ප්‍රකාශ කරන විදියට පුද්ගලයන් දෙදෙනෙකු මුවට මුව තබා තත්පර 10ක සිප ගැනීමක් සිදුකරද්දී බැක්ටීරියා මිලියන 80ක් විතර හුවමාරු වෙනවලු.
ඔවුන් පවසන පරිදි දිනකට වාර 9ක් මේ ආකාරයෙන් සිපගැනීමෙන් කෙළවල ඇති විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි පැවසන්නේ. මේ සඳහා ඔවුන් පුද්ගල ජෝඩු 21ක් පරීක්ෂණයට ලක්කර තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මුඛය තුළ 700කට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන බවත් ඒ අතර ඇති සමහර බැක්ටීරියා පහසුවෙන් එහා මෙහා හුවමාරු විය හැකි බැක්ටීරියා බවයි.
විද්‍යාඥයෝ පවසන්නේ මෙවැනි පරීක්ෂණ මඟින් ඉදිරියේදී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කරමින් බැක්ටීරියා කාරක රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බවයි