වැල්ලවත්ත 42 වන පටුමඟට ආසන්න වෙරළ තීරයේ ගල් පරයක සිරවී තිබූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළ සිරුරක් අද ඊයේ (27) පෙරවරුවේ සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මියගිය පොලිස් කොස්තාපල්වරයා වැල්ලවත්ත පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙකු බවයි.
මාතලේ පදිංචි මොහුගේ වයස අවුරුදු 28 වන අතර වැල්ලවත්ත - 42 වන පටුමගට ආසන්න වෙරළ තීරයේ ගල් පරයක සිරවී තිබියදී ඊයේ (27) උදෑසන මෙම මළ සිරුර සොයා ගැනුණා.
මොහු පස්වරුවේ රාජකාරිය නිමවී තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සමඟ ආහාර ගැනීමට ගොස් ඇති අතර පසුව එම කොස්තාපල්වරයා අතුරුදන්ව ඇති බවට පොලිසියට තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අපවෙත කියා සිටියේ.
මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ දේහය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ හෙට සිදුකිරීමට නියමිතයි.
එම වීඩියෝව පහතින්..