Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
10
"ඕනෑම කෙනෙක්ට මුලින් වරදින්න පුළුවන්. මටත් වැරදුණා.." - අංජුලා රාජපක්ෂ - Exclusive

- "ඕනෑම කෙනෙක්ට මුලින් වරදින්න පුළුවන්. මටත් වැරදුණා.." - අංජුලා රාජපක්ෂ - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

"මගේ ලගින් ඉන්න කෙනා සතුටින් තියනවා, කවුරු මොනා කිව්වත් කමක් නැහැ.."

"මේ පාරත් ගෙදර කෑම මේසෙට කොකිස් හදන්නේ මම තමයි..."

"මට සීයකට වුණත් රසට උයන්න පුළුවන්.."

නිරන්තරයෙන්ම ලස්සන සිනහවකින්  මුව සරසාගෙන ඉන්න ඇය හැමදාමත් පුංචි තිරයේ ආදරණිය පෙම්වතිය වුණා. සැබෑ ජීවිතයේදී ආදරණිය බිරිදක් වුණු ඇය නමින් අංජුලා රාජපක්ෂ. වසර ගණනාවක් දෙමාපියන් එක්ක එකතු වෙලා සිංහල අලුත් අවුරුද්දට සුදානම් වුණු අංජුලා මුල්මවරට ආදරණිය සැමියා එක්ක එකතු වෙලා අවුරුද්දට සුදානම් වෙනවා. ඒ ගැන වගේම අංජුලාගේ අලුත් තොරතුරු ගැනයි මේ.


අංජුලා හැම අවුරුද්දකම අලුත් අවුරුද්ද සමරුවේ දෙමාපියන් එක්ක. තනිකඩ ජිවිතෙන් මිදිලා මුල්වරට අලුත් අවුරුද්ද සමරනවා නේද..කොහොමද සුදානම..?
හැම අවුරුද්දෙම මම අවුරුද්ද සමරුවේ දෙමාපියන් එක්ක. විවාහ වුණාට පස්සේ ඒ අත්දැකීම අලුත් වෙනවා. මෙවර මගේ ආදරණිය සැමියා එක්ක තමයි අවුරුදු  චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ. ඒ වෙනසට ලෑස්ති වෙනවා. හැම අවුරුද්දටම අපි අම්මගේ හා තාත්තගේ ගමේ යනවා. නෑදෑයින් බලන්න. මේ වතාවෙත් යන්න ඉන්නේ. අවුරුද්දට හොද සුදානමක් තියෙනවා. ඒ වගේම හිරු රුපවාහිණිය ආරම්භ කළාට පස්සේ මම අවුරුද්දට අනිවාර්යෙන්ම හිරුත් එක්කත් සම්බන්ධ වුණා. ගෙදර චාරිත්‍ර ඉටු කරලා හිරුත් එක්ක සම්බන්ධ වෙනවා.

ගෙදර අවුරුදු කෑම මේසයට මංජුලා විශේෂයෙන්ම හදන කෑමක් තියෙනවා කියලා ආරංචියි..?
ගෙදර කෑම මේසෙට  කැවිලි හැම දෙයක්ම හදන්නේ අම්මා. ඒ වුණාට මට තේරෙන වයසේ ඉදලා අද වෙනකල්ම මම තමයි කොකිස් හදන්නේ. ලස්සනට රසට කොකිස් හදන්න හැමෝටම බැහැනේ. ඒ වුණාට මට ලස්සනට කොකිස් හදන්න පුළුවන්. මේ පාරත් ගෙදර කෑම මේසෙට කොකිස් හදන්නේ මම තමයි.

කොකිස් හදන්න ගිහින් වරදිලාම නැද්ද..?
මුල්ම දවසේ මම හදපු කොකිස් හරියට හදා ගන්න බැරි වුණා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. ඕනෑම කෙනෙක්ට මුලින් වරදින්න පුළුවන්. මටත් වැරදුණා. ඒත් දැන් නම් හොදටම පුළුවන්.

විවාහ වුණාට පස්සේ බොහෝ කාන්තාවන් ගෘහයට සීමා වෙනවා කියලා කතාවක් තියෙනවා. රංගනයට යොමු වුණාට විවාහයෙන් පස්සේ මංජුලාත් ගෙදරට කොටු වෙලාද ඉන්නේ..?
විවාහ වෙන්න කලින් අපි ආදරේ කරන කාලෙත් එයා  මට නීති දැම්මේ නැහැ. නිදහසේ හිටියා. මට නම් හිතෙන්නේ ඒ නිදහසම මම තවම භුක්ති විදිනවා කියලයි. කිසිම වෙලාවක මට නීති දාන්නේ නැහැ. මේ දේවල් කරන්න එපා කියන්නේ නැහැ. නමුත් ඔහු මගේ සැමියා නිසා මට ලැබෙන හැම ඇරයුමක් ගැනම මම එයාව දැණුවත් කරනවා. අයියත් කලාව සම්බන්ධ කෙනෙක් නිසා කලාව ඇතුලේ මොනවාද වෙන්නේ කියලා දන්නවා. හැමෝම හදුනනවා. ඒ නිසා මට ලොකු ආරක්ෂාවක් එයාගෙන් ලැබෙනවා. ඒ වගේම මම සම්බන්ධ වෙන සමහර වැඩසටහන්වලට එයත් එනවා. මම හිතනවා ඒකත් මට පහසුවක් කියලා. එයාගෙන් මට ලැබෙන සහයෝගයට.

කාර්ය බහුල රංගන ශිල්පිණියක් නිසා ගෙදර දොර වැඩ අතපසු වෙනවා ඇති.. අංජුලාට රසට උයන්න එහෙම පුළුවන්ද..?
ෂූටින් යන වෙලාවට නම් උයන්න වෙන්නේ නැහැ. ඒ වැඩ වැඩි වුණොත් විතරයි. නැත්තම් මම ගෙදර වැඩ කරනවා. ඒ හැම දෙයක්ම මට හොදටම පුළුවන්. මට සීයකට වුණත් රසට උයන්න පුළුවන්.

මේ දවස්වල හොදට නටනවා නේද..?
මම හිරු මෙගාස්ටාර්ස් සීසන් 1 ටත් සම්බන්ධ වුණා. ඊට පස්සේ විවාහ වෙනවා. ඒත් එක්කම මට යළිත්  හිරු මෙගාස්ටාර්ස් වැඩසටහනට ආරාධනා කළා. ඒ ආරාධනාව එක්ක යළිත්  එක්ක එකතු වෙලා ඉන්නවා. මට ලොකුවට නර්තනය බැහැ. නමුත් එතැනදී නර්තනය කියලා දෙන නිසා ඒ ගුරුහරුකම්වලට පිංසිද්ධ වෙන්න මම නටනවා.

අලුත් නිර්මාණ ගැන කිව්වොත්..?
මේ දවස්වල නිර්මාණ තුනක් විකාශය වෙනවා. ඒ නිර්මාණවලට ගොඩාක් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. හිරු රුපවාහිණියේ වැඩසටහනකත් නිවේදන කටයුතු කරනවා. ඒ දේවල් එක්ක තමයි කාලය ගත වෙන්නේ.

අංජුලා බටහිර පන්නයේ චරිතවලට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද.. ඇයි ඒ රාමුවෙන් මිදෙන්නේ නැත්තේ..?
මම හරිම කැමතියි වෙනස් වෙන්න. ඒත් ඒකට මට තවම හරි අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම අවස්ථාවක් ලැබුණොත් හරිම කැමැත්තෙන් සම්බන්ධ වෙනවා.

අංජුලා ඉස්සර වගේම තවමත් ලස්සනයි කියලා හිතෙන්නේ නැද්ද..? විවාහ වුණා කියලා විලාසිතා වෙනස් වෙලාද..?
හැමෝම නම් කියන්නේ එනකොට හිටියට වඩා දැන් ලස්සනයි කියලයි. විලාසිතා තවම කරනවා. මම කොටට අදිනවා. නමුත් දැන් මම විවාහකයිනේ. ඒ නිසා අයියාගෙන් අහනවා සමහර අවස්ථා වලදී මම මෙහෙම ඇන්දට කමක් නැද්ද කියල. තහංචි දාලා නැහැ. අපේ ජිවිත ගලපගන්න ඕන නිසා එහෙම කරනවා. මොකද මම දාහක් සතුටු කරත් වැඩක් නැහැ. මම ලගින්ම ඉන්න අය අසතුටින් තියලා. මගේ ලගින් ඉන්න කෙනා සතුටින් තියලා දාහක් මට මොනා කිව්වත් මට කමක් නැහැ. ඒ නිසා ලගින්ම ඉන්න අයයි මම සතුටින් තියන්නේ.

ඔබ කලාවට සම්බන්ධ වෙලා අවුරුදු 18ක් වෙනවා. මේ කාලයේදී ඔබට ලැබුණු නොලැබුණු දේ වෙනුවෙන් පසුතැවෙනවද..?
මට ගෙදර හදාගන්න වාහනයක් ගන්න සතුටින් ජිවත් වෙන්න ලැබුණේ  කලාව නිසා.ඒ  වගේම මගේ ආදරණිය සැමියා ලැබුනෙත් කලාව නිසයි. කෙටියෙන්ම කිව්වොත් මට හැමදේම ලැබුණේ ඒ නිසා. මට මේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඒ ආදරෙත් මට හරියට වටිනවා. ඒ නිසා නොලැබුණු දේට වඩා ලැබුණු දේ වැඩියි. ඒ නිසා සතුටක් තියෙන්නේ.

හර්ෂණී  වීරරත්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top