වේයන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියගේ අනන්‍යතාව හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
24 වන වියේ පසුවූ අදාල තරුණිය දීගලහිල්ල, එලමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන බවයි පොලිසිය පැවසුවේ.
ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම තරුණිය ඝාතනය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඩගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොවුන් දෙදෙනාම ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
වේයන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසියෙකු අද (25) උදෑසන පොලීසියට කළ දැනුම් දීමකදී අදාළ මළ සිරුර සොයා ගැනුනා.