ශ්‍රී ලංකාවේ සිටින ප්‍රකට ක්‍රිකට් දිරි ගන්වන්නන් යුගළයක් වන්නේ ගයාන් සහ නිලාම්.ඔවුන් දෙදෙනා පර්සිගෙන් පසු මෙරට ක්‍රීඩාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණා.
ගයාන් සහ නිලාම් ඉන්දියාවේද සංචාරය කලේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ අරමුණින්.
නමුත් 3 වන ටෙස්ට් තරඟය අතරතුර නිලාම්ගේ පියා ශල්‍යකර්මයකට භාජනය කිරීමට සූදානම් බවට දැන ගන්නට ලැබී තිබෙනවා.
එහෙත් ඒ අවස්ථාවේදී වහාම ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් මිළදී ගැනීම සඳහා නිලාම්ට මුදල් තීබී නැහැ.
මේ බව ප්‍රකට ඉන්දීය දිරි ගන්වන්නෙකු වන සුධීර් ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ෂර්මාට පවසා තිබෙනවා.
ඒ අනුන වහාම ක්‍රියාත්මක වූ ෂර්මා ගුවන් ටිකට්පත් සඳහා මුදල් ලබා දී ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නිලාම්හට සහය වී තිබෙනවා.
නිලාම් පවසන්නේ සිය පියාගේ ශල්‍යකර්මය සඳහා මුදල් ලබාදීමටද ෂර්මා ඉදිරිපත් වූ බවයි.
නමුත් ඒ අවස්තාවේ එම මුදල් තමන් ලබානොගත් බවයි නිලාම් පවසන්නේ.