2014 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී කෝකියෙකු විසින් ආහාර පිසීම වෙනුවට තම බිරිඳ කපාකොටා ඔහුගේ ගිනි උදුණට දමා පිච්චු බවට උසාවියේදී හෙළිවී ඇත. ඔහු එසේ කර ඇත්තේ පොලිසියට මෙම මරණයේ සාක්ෂි නොලැබීමටයි.
විදෙස් වෙබ් අඩවි සඳහන් කර ඇති ආකාරයට ඝාතනයට ලක්ව ඇති මෙම සුරූපිණිය දැඩිලෙස අනියම් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති අතරම ඇයගේ ස්වාමි පුරුෂයාද මුදල් අයකරමින් වැඩිමහල් කාන්තාවන් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇත. මෙම ගැටළු නිසා ඔවුන් දෙදෙනා නිතරම අඩදබර කරගෙන ඇති අතර ඇය ඔහුගේ අනියම් සම්බන්ධතා පිළිබඳ ඔහුගේ පවුලේ අයට දැනුම් දෙන බව පවසා තර්ජනය කර ඇත.
කෙසේ වූවද ඇයගේ සිරුර හමුවීමට දින දෙකකට පෙර මෙම තරුණිය මහා ශබ්ධයෙන් කෑ ගසමින් මිනුත්තු 30ක් පමණ මොවුන් දෙදෙනා රණ්ඩු වූ බව මොවුන්ගේ අසල්වාසියෙක් පවසා තිබේ. නැවත ඔවුන් පාන්දර 1.30ට පමණ එසේ රණ්ඩු වෙමින් කෑ ගසන හඬ ඔවුන්ට ඇසි අතර ඒ ඇයගේ අවසන් ශබ්ධය වී ඇත.
මෙම අවස්ථාවේදී ඔහුගේ අතේ සිදුවු තුවාලයට බෙහෙත් දාගැනීමට කුලී රථයෙන් රෝහලක් වෙත ගොස් ඇති අතර ඔහු කුලී රථ රියදුරාට පවසා ඇත්තේ ළුෑණු කැපීමේදී අත කැපුණු බවයි. නමුත් ඔහු රෝහලේදී පවසා ඇත්තේ පෙම්වතිය සමඟ රණ්ඩුවකදී පෙම්වතිය අතේ තිබුණු පිහියකින් ඔහුගේ අත තුවාල වූ බවයි.
මෙම ඝාතනයෙන් පසුව තරුණියගේ සිරුර නරක් වෙන්නට පටන්ගත් පසු ඔහු ඇගේ සිරුර කපා ගිණි උදුනේ දමා පුච්චා ඇත. එසේ සිරුර ගිණි උදුනේ දමා පිච්චීමේදී අධික දහනය නිසා සම්පූර්ණ ගොඩනැගිල්ලේම විදුලිය ඇණ හිට ඇත.පසුව ඔහු විදුලි කාර්මිකයෙකුගේ සහය පතා ඇති අතර ඔහු නිවසට පැමිණ පරීක්ෂා කිරිමේදී අධික දහනය නිසා මෙය සිදුව ඇති බව අනාවරණය කරගෙන ඇත. ඒ අතරතුර මෙය ඉක්මණින් සාදාගැනීමට ඔහු කලබල කර ඇත.
මෙම කාර්මිකයා නිවසේ තැනින් තැන කසල බහලන මලු විශාල ප්‍රමාණයක්, රසායනික ද්‍රාවන බෝතල් හා රබර් අත් මේස් දැක ඇත. විදුලිය යථා තත්වයට පත්කිරිමෙන් පසු ඔහු එම නිවසෙන් බැහැරව ගොස් ඇති අතර ඔහුට මෙම නිවසේ යම් අමුත්තක් දැනී මෙම ගොඩනැගිල්ලේ කළමණාකරුට දැන්වීමෙන් පසු ඔහු පොලිසියට දන්වා ඇත්තේ නිවස පරීක්ෂා කරන ලෙසය.
පොලිසිය හා පොලිස් බල්ලන් යොදාගෙන නිවස පරීක්ෂා කිරිමේදී මෙම තරුණයා බැල්කනියෙන් පහතට පැන දිවගොස් ඇති අතර පොලිස් බල්ලන් යොදාගනිමින් ටික වේලාවකට පසුව සැඟවී සිටියදී සොයාගෙන ඇත.