මේ දිනවල පවතින අයහපත් කාළගුණය හේතුවෙන් ගොඩබිම්වල සිටින කිඹුලන් පිළිබඳවත් විමසිලිමත්ව සිටින ලෙස වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් සරත් පතිරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ගංවතුරට ගසාගෙන ගොස් උස් බිම්වල රැඳී සිටින කිඹුලන්ට ගොදුරු විය හැකි බවයි ඔහු පවසන්නේ.
බොල්ගොඩ ගඟ, මොරටු ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, මාදු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ ඇතුළු ප්‍රධාන ගංගා සහ අතු ගංගා රැසක් පිටාර ගැලීම හේතුවෙන් එම ගංගාවල සිටි කිඹුලන් ගොඩබිම්වල රැඳී සිටින බව ඔහු සඳහන් කරනවා.
ගංවතුර පහව යෑමත් සමඟ එලෙස රැඳී සිටින කිඹුලන් නැවත උන්ගේ වාසස්ථාන කරා ගමන් කිරීමට උත්සාහ දරන බව පතිරත්න මහතා කියා සිටියා.
කිඹුලන් නැවත උන් සිටි ප්‍රදේශ කරා ගමන් කිරීමේදී මඟ සොයා ගැනීමට නොහැකිව අතරමං වුවහොත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට ඉඩ ඇතැයිද පැවසෙනවා.