හැමෝම ආදරේ ලබන්න කැමතියි . ආදරේට වයස් භේදයක් නැහැ කියලත් සමහරු කියනවා.
ඒ විදිහට නම පදිංචියවත් නොදැන ආදරය කරන්න ගිහින් සිද්ධවුණු අපත් වූ අපුරූ සිදුවීමක් ගැන අපිට අහන්න ලැබුණා.
හෝමාගම රෝහලට ඇතුළත් කළ තම මවගේ සාත්තු සේවාව සදහා 52 හැවිරිදි කාන්තාවක් ගොස් තිබෙනවා.
එම රෝහලේම තවත් රෝගියකුගේ සාත්තුවට සිටි තිස් දෙහැවරදි පුද්ගලයකු සමග එම කාන්තාව සුහද වෙලා .
මුලින්ම දෙදෙනා සිනහවකින් සංග්‍රහ කරගෙන ඉන් පසුව කතා බහ කර පසුව ජංගම දුරකථන අංකද මාරුකරගෙන තිබෙනවා.
එදින රාත්‍රිය පුරාම දුරකතනයෙන් පෙම්බස් දෙඩු මේ දෙන්නා පසු දිනම පෙම්සුව විදීමට නවාතැන්පලකට ගිහින්.
නිදහසේ කතා කිරීමට ඕන කියලා 32 හැවිරිදි පුද්ගලයා කාන්තාව නවාතැන් පොළටකට රැගෙන යාමෙන් පසුව එතැනදී දෙදෙනාම ලෙංගතු වෙලා.
මෙසේ ලෙන්ගතු වුණ කාන්තාවට අදාල පුද්ගලයා පවසලා තිබෙන්නේ පසුදින ඔහුට විවාහ මංගල උත්සවයකට සම්බන්ධ වීමට අවශ්‍ය බවත් ඒ සදහා මුදල් නැති බවත් පවසලා .
ආදරේ වැඩිකමට මේ කාන්තාව ඔහුව විශ්වාස කරලා රුපියල් 10,000 ක මුදලක් හා ඇගේ කර පැළදි රන් මාලයත් ඔහුට ලබා දීලා.
දින දෙකකින් නැවත රෝගියා ලගට එන බව ඔහු ඇයට පවසා තිබුණත් දිනහතරක් යනතුරුම ඔහු පැමිණිලා නැහැ .
එවිට ඇයට ඔහු ගැන සැක සිතුණු නිසා ඇය තම 19 හැවිරිදි පුතු සමඟ කොට්ටාව පොළිසියට ගොස් පැමිණිල්ලක් දාලා.
කෙසේ නමුත් පෙමින් බැදුන පුද්ගලයා පිළිබදව කිසි තොරතුරක් නොදන්නා බැවින් පැමිණිල්ල විභාගය කිරීමට නොහැකි බවත් තොරතුරක් දැනගෙන පොලිසියට පැමිණ නැවත පැමිණිලි කරන ලෙසත් කාන්තාවට උපදෙස් දී තිබෙනවා .