ඒ, මෙරට පොදු ප්‍රවාහන සේවාව වඩාත් පහසු සහ කාර්යක්ෂම තත්ත්වයට පත්කිරීමේ අරමුණින් පරිත්‍යාග කරන ලද "පත්ල පහත්" (Low-floor) වර්ගයේ නවීන බස් රථ 7ක්.
ජපන් රජය සහ ජපානයේ යොකොහමා නගරවාසීන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගයක් ලෙස ලබාදුන් මෙම බස් රථ 7, ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (Akio Isomata) මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුකෙරුණා.
වයෝවෘද්ධ අයට මෙන්ම ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන ජනතාවටත් ඉතා පහසුවෙන් ගොඩවීමට හැකි පරිදි නිෂ්පාදනය කර ඇති මෙම පත්ල පහත් බස් රථ, ඉදිරියේදී මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා යෙදවීමට නියමිතයි.