ඒ බස් ගාස්තු සම්බන්ධයෙන් මේ දවස්වල ඇතිවෙලා තියෙන ලොකු මතභේදයක් නිසා, හෙටින් පස්සේ බස් ධාවනය සීමා කරන්න තමන්ගේ සංගමය තීරණය කළා කියලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
කොළඹ අද පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ, මේ වෙනකොටත් ලංකාව පුරා තියෙන පෞද්ගලික බස් රථවලින් සියයට 25ක්ම තමන්ගේ කැමැත්තෙන්ම ධාවනයෙන් ඉවත්වෙලා තියෙන බවයි.
බස් ගාස්තු ප්‍රශ්නයට ඉක්මනින්ම විසඳුමක් ලැබුණේ නැත්නම්, ඉදිරි දවස්වලදී පාරවල්වල බස් හොයාගන්න එක ලෙහෙසි වෙන්නේ නැහැ කියලයි මේ කතාවෙන් පේන්නේ.